SKIP TO MAIN CONTENT

ඔස්ට්‍රේලියාවේ ග්‍රීෂ්ම කාලයේදී ඔබේ විදුලි බිල ඉතිරි කරගන්නේ කොහොමද?

ඔස්ට්‍රේලියාවේ මේ ගෙවී යන ග්‍රීෂ්ම කාලයේදී ඔබේ නිවසේ විදුලිය බිල අවම මට්ටමක පවත්වාගෙන යාමට සරළ උපදෙස් ටිකක්.

Energy bills during winter in Australia
Energy bills during winter in Australia Source: AAP

1 min read

Published

By Madhura Seneviratne


Skip to article content

ඔස්ට්‍රේලියාවේ මේ ගෙවී යන ග්‍රීෂ්ම කාලයේදී ඔබේ නිවසේ විදුලිය බිල අවම මට්ටමක පවත්වාගෙන යාමට සරළ උපදෙස් ටිකක්.

01. ඔබට වායු සමීකරණ යන්ත්‍රයක් ඇත්නම් එහි උෂ්ණත්වය සෙල්සියස් අංශක 24 ත් 25 ත් අතර අගයකට සකසා ගන්න.

02. පුද්ගලයින් ගැවසෙන ස්ථාන පමණක් සිසිල් කරගන්න.

03. සූර්ය තාපය නිවෙස තුළට පැමිණීම වැළකීමට ජනේල වසා ඒවා තිර රෙදි වලින් ද වසා දමන්න.

04. උෂ්ණත්වය අධික දිනවල ඔබේ නිවසේ දොර ජනෙල් මනාව වසා සූර්ය තාපය නිවෙස තුළට පැමිණීම වළකාගන්න.

05. ඔබේ නිවසෙන් පිටත ඇති ජනලේ සහ බිත්ති ආවරණය වන පරිදි ගස් වැල් වවන්න.

06. හැකිනම් විදුලි පංකා ක්‍රියාත්මක කරන්න.

07. ඔබ වායු සමීකරණ යන්ත්‍රයක් මිලට ගන්නා විට ඔබේ නිවසේ ප්‍රමාණයට සරිලන එකක් මිලට ගන්නට උත්සාහ කරන්න.

08. ඔබේ වායු සමීකරණ යන්ත්‍රය මනාව නඩත්තු කරන්න.

09. ඔබේ නිවසේ පුද්ගලයින් ගැවසෙන ස්ථාන වල ජල භාජන තබන්න.

10. අධික උණුසුම් දින වලදී උණුසුම් ආහාර, පාන වර්ග මෙන්ම මත්පැන් භාවිතා කිරීමෙන් වළකින්න.

මෙල්බන් නුවර විදුලි ඉංජිනේරු ෂෙල්ටන් පතිරාජ මහතා සමග SBS සිංහල සිදු කළ සාකච්ඡාවක් ඇසුරෙනි.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now