එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ගෞරවයට පත් හමුදාවක් බවට ශ්‍රී ලංකා යුද හමුදාව පත්ව ඇතැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් සිටී.
ඒ නිසා මෙරට හමුදාවට එක්සත් ජාතීන්ගේ සාමසාධක හමුදාවේ සේවය කිරීම සදහා අවස්ථාව හිමිවී තිබෙන බව මාදුරුඔය විශේෂ බලකා පුහුණු පාසලේ විසිරයාමේ උළෙල සදහා ප්‍රධාන ආරාධිතයා වශයෙන් ඊයේ (09) සහභාගීවෙමින් ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේය.
යුද හමුදාව පමණක් නොව මෙරට ත්‍රිවිද හමුදාවම සිය ශක්තිය, හමුදාවේ ප්‍රමාණය, අත්දැකීම, පරිණතබව, ශිල්පීය ඥානය වැනි අංගවලින් පරපූරණ විය යුතු යැයි එහිදී ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය.
ශ්‍රී ලංකා යුද හමුදාව වෙත විශේෂ ගෞරවයක් හිමිවී තිබෙනවා. ඉතාමත්ම විනයගරුකව ක්‍රියාකරමින් ඔබගේත්, මගේත් මේ ආදරණීය මාතෘභූමියට කළ යුතු කාර්යය ඉටු කළ යුතුයි. ඒ සදහා රජයක් වශයෙන් ද ආරක්ෂක අමාත්‍යංශය වශයෙන් ද ලබා දිය හැකි සෑම සම්පතක්ම, සහයෝගය හා අනුග්‍රහය ලබා දෙන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කළේය.
මාදුරුඔය විශේෂ බළකා පුහුණු පාසලේ 48 වන මූලික පුහුණු පාඨාමාලව හැදෑරු විශේෂ බළකා නිලධාරින් 07 දෙනෙකු සහ සෙසු නිලයන් 189 ක් මෙහිදී විසිර ගියහ.
දක්ෂතම සිසුවා සහ දක්ෂතම ශාරිරික අභ්‍යාස සිසුවා ලෙස දෙවැනි ලූතිනන් ඩබ්.එම්.කේ.ආර්. වනිගසූරිය සහ දක්ෂතම වෙඩිතබන්නා ලෙස ලූතිනන් ඊ.එම්.පී.ඩී. ඒකනායක මහතා මෙහිදී ජනාධිපතිවරයා අතින් සම්මාන ලබා ගත්හ.
ආරක්ෂක ලේකම් කපිල වෛද්‍යරත්න, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී අද්මිරාල් රවින්ද්‍ර විජේගුණරත්න, යුද හමුදාපති ලූතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක, මාදුරුඔය විශේෂ බළකා පුහුණු පාසලේ සේනාවිධායක කර්නල් එම්.ටී.යූ මහලේකම් යන මහත්වරුන් ඇතුළු ආරක්ෂක අංශ ප්‍රධානීන් රැසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
** SBS සිංහල වැඩසටහනේ ශ්‍රී ලංකා වාර්තාකරු නදීක දයා බණ්ඩාර සැපයූ තොරතුරු ඇසුරිනි **

