SKIP TO MAIN CONTENT

ශ්‍රී ලංකා - බංග්ලාදේශ පළමු ටෙස්ට් තරගයේ 2 වන දිනය : ධනංජය හා මෙන්ඩිස් ලංකාව ගොඩ ගනී.

Dhananjaya de Silva, Kusal Mendis
Source: AP

1 min read

Published

By Madhura Seneviratne


Skip to article content

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර තරග 2කින් සමන්විත ටෙස්ට් තරගාවලියේ පළමු ටෙස්ට් තරගයේ දෙවැනි දිනය වන ඊයේ (01/02) දිනය නිමා වන විට ප්‍රථම ඉනිම ඇරඹු ශ්‍රී ලංකාව එක් කඩුල්ලකට ලකුණු 187 ක් ලබා ස්ථාවර මට්ටමක සිටියි.

ශ්‍රී ලංකා පිල ලකුණු නොලබා සිටියදීම දිමුත් කරුණාරත්න දැවී ගිය පසුව ධනංජය ද සිල්වා නොදැවී 104 ක් සහ කුසල් මෙන්ඩිස් නොදැවී 83 ක් රැස් කරමින්  දෙවැනි කඩුල්ල සදහා ලකුණු 187 ක නොබිඳුණු සම්බන්ධතාවක් දෙවැනි දිනය නිමා වන තෙක් ගෙන ආවෝය.

ධනංජය ද සිල්වා ලබාගත් සිවුවැනි ටෙස්ට් ශතකය ලෙස එය වාර්තා වේ.

බංග්ලාදේශය සිය ප්‍රථම ඉනිමේදී සියලුම දෙනා දැවී ලකුණු 513 ක් ලබා ගත්තේය.

එය ඔවුන් ටෙස්ට් තරගයකදී රැස්කළ පස්වැනි ඉහළම ලකුණු සංඛ්‍යාව වන්නේය.

ලකුණු 638 ක් ලබාගනිමින් බංග්ලාදේශ කණ්ඩායම රැස්කළ ඉහළම ලකුණු සංඛ්‍යාවේ වාර්තාව ද  ශ්‍රී ලංකාවට එරෙහිව ගාල්ලේදී පිහිට වූවකි.

බංග්ලාදේශය වෙනුවෙන් මොමිනුල් හක් ලකුණු 176 ක්ද මුෂ්ෆිකුර් රහීම් ලකුණු 92 ක් ද ලබාගත්තේය.

අද (02/02) තරගයේ තුන්වන දිනය වේ.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now