SKIP TO MAIN CONTENT

මතභේදාත්මක නිව් යෝර්ක් ටයිම්ස් වාර්තාව පිළිබද අද ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ විවාදයක්

Sri Lanka Parliament
Source: Daily News

1 min read

Published

Updated

By Sanjaya Dissanayake


Skip to article content

පසුගිය මහින්ද රාජපක්ෂ රජය සමයේ චීන සමාගමකින් ශ්‍රී ලංකා රජය මුදල් ලබාගත් බවට නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පතෙහි පළ වූ වාර්තාව සම්බන්ධයෙන් පාර්ලිමේන්තු විවාදයක් අද (ජුලි 19) දිනයේ පැවැත්වීමට නියමිතව තිබේ.

එක්සත් ජාතික පක්ෂය විසින් කල් තැබීමේ යෝජනාවක් ලෙස අදාළ යෝජනාව ඉදිරිපත් කිරීමට නියමිතයි.

 

නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පතෙහි පළවූ අදාළ වාර්තාව සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් කරුණු මෙම විවාදයේදී ඉදිරිපත් කරන බව රාජ්‍ය අමාත්‍ය අජිත් පී. පෙරේරා මහතා ප්‍රකාශ කර තිබිණි.

කෙසේවෙතත් අද දිනයේ පැවැත්වෙන විවාදයට, විදේශගතව සිටින බැවින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහභාගී නොවන බව වැඩි දුරටත් වාර්තා වෙයි.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now