SKIP TO MAIN CONTENT

තෙල් අවශ්‍යතාව සපුරාලීමට නව ඉන්ධන සංකීර්ණයක් ඉදිකරනවා - වරාය හා නාවුක කටයුතු අමාත්‍ය අර්ජුන රණතුංග කියයි

Arjuna Ranathunga_ Minister_Sri Lanka
Source: SBS Sinhala

2 min read

Published

Updated

By Dinesha Dilrukshi Wijesuriya


Skip to article content

හිගයකින් තොරව ශ්‍රී ලංකාවේ තෙල් අවශ්‍යතාව සපුරාලීම සදහා නව ඉන්ධන පිරිපහදු සංකීර්ණයක් ඉදිකිරීමට සැලසුම් කරන බව වරාය හා නාවුක කටයුතු අමාත්‍ය අර්ජුන රණතුංග මහතා ප්‍රකාශ කළේය.

රුපියල් බිලියන තුනකට ආසන්න මුදලක් ඊට වැය වන බවත් දේශීය අරමුදල්  ඒ සදහා යෙදවීම අපහසු බැවින්  ආයෝජකයෙකුගේ මැදිහත්වීම ඊට  ලබා ගැනීම සදහා කැබිනට් අනුමැතිය  ගැනීමට තමන් පියවර ගන්නා බව මහනුවර ශ්‍රී දළදා මාලිගාවට පැමිණ මල්වතු හා අස්ගිරි මහා නායක හිමියන් බැහැ දැකීමෙන් පසු මාධ්‍ය හමුවේ ඒ අමාත්‍යවරයා සදහන් කළේය.

පසුගිය සමයේ ඉන්ධන හිගයක් මතුවී පාරිභෝගිකයන් අසීරුතාවට පත්විම පිළිබදව තමන් බෙහෙවින් කණගාටුවන බවත් එනමුත් කිසිදු අයුරකින් රට තුළට බාල තෙල් ගෙනඒමට අවස්ථාව නොදෙන බව කී ඔහු මෙසේ ප්‍රකාශ කළේය.

"...තෙල් හිගය හා බාල තෙල් රට තුළට පැමිණීම මේ වන විට නිරාකරණය කර ගනිමින් යනවා. නව ටැංකි කිහිපයක් අලුතින් ඉදිකිරීමට නියමිතයි. එමෙන්ම නව පිරිපහදුව ඉදිකිරිමේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කරනවා. මාස තුනක් තුළ බොහෝ දෑ සිදුකිරීමට නියමිතයි.

ශ්‍රී ලංකාවට මේ වන විට තෙල් බැරල් එක්ලක්ෂ දසදහසක අවශ්‍යතාවත් තිබුණත් අපට සැපයීම කිරීමට හැකිව තිබෙන්නේ බැරල් තිස් දෙදහසක් පමණයි. නමුත් නව පිරිපහදුවක් ඉදිකිරීම තුළින් තෙල් අවශ්‍යතාව මෙරටදී පිරිපහදු කර ගත හැකියි. ඒ සදහා විශාල මුදලක් වැය වෙනවා. ඒ නිසා ආයෝජකයෙකුගේ මැදිහත්වීම මත අප කිසිදු මුදලක් වැය නොකොට ඔහු සමග ඒකාබද්ධව වැඩකරන ක්‍රමවේදයක් සැලසුම් කරනවා...." ආයෝජකයන් කිහිපදෙනෙකු සිටින අතර ඔවුන් කඩිනමින් තීරණය කිරීම සදහා කැබිනට් මණ්ඩලය වෙත පත්‍රිකාවක් යොමු කරන බව අමාත්‍යවරයා කීවේය.

!!...SBS සිංහල වැඩසටහනේ මහනුවර වාර්තාකරු නදීක දයා බණ්ඩාර වාර්තා කල තොරතුරු ඇසුරිනි...!!!

** පිවිසෙන්න අපගේ Facebook පිටුවට www.facebook.com/sbssinhalese


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now