SKIP TO MAIN CONTENT

ඔස්ට්‍රේලියාව ජනරජයක් කිරීම සඳහා ජනමත විචාරණයක් පැවැත්වීමට කම්කරු පක්ෂයෙන් පොරොන්දුවක්.

Labor plans for a republic.
Source: AAP

1 min read

Published

By Madhura Seneviratne

Source: SBS News


Skip to article content

ඔස්ට්‍රේලියාව ජනරජයක් කිරීම සඳහා අවශ්‍ය ජනමත විචාරණයක් පැවැත්වීමට තමන් ලබන වසරේදී පැවැත්වෙන මහ මැතිවරණය ජයගතහොත් අපේක්ෂා කරන බව කම්කරු පක්ෂය පොරොන්දු වී තිබේ.

නමුත් ඔස්ට්‍රේලියාව දැනට පවතින ආකාරයට බ්‍රිතාන්‍ය ඔටුන්න යටතේ රාජාණ්ඩු ක්‍රමයකට ඉදිරියටත් පාලනය විය යුතු බවට රාජාණ්ඩුවක් සඳහා සහය දක්වන ඔස්ට්‍රේලියානු කණ්ඩායම පවසයි.

කම්කරු පක්ෂයේ එම සැලැස්මට එරෙහිව සටන් කිරීමටද තම කණ්ඩායම සූදානම් බව ඔවුන් පවසා තිබේ.

මේ අතර ඔස්ට්‍රේලියාව, බ්‍රිතාන්‍ය කිරීටයෙන් මිදී වෙනමම ජනරජයක් ලෙස ක්‍රියා කළ යුතු බව පවසන ඔස්ට්‍රේලියාවේ ජනරජ ව්‍යාපාර කණ්ඩායම් කම්කරු පක්ෂයේ මෙම පොරොන්දුවට සහය පළ කර තිබේ.

නමුත් එම සැලැස්ම පරාජය කිරීමට තමන් ඇතුළු කණ්ඩායම උත්සාහ දරන බව  රාජාණ්ඩුවක් සඳහා සහය දක්වන ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ ජාතික සභාපති Philip Benwell පැවසුවේය.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now