SKIP TO MAIN CONTENT

කොටි සංවිධානය නැවත ඉල්ලූ විජයකලාට පැය කිහිපයකින් ඇප.

Vijayakala Maheswaran Released on Bail
Source: Daily News

1 min read

Published

By Dinesha Dilrukshi Wijesuriya


Skip to article content

පැවති LTTE සංවිධානය නැවත බලාත්මක කල යුතු බවට මිට පෙර අවස්ථාවකදී යාපනයේදී පැවති උත්සවයකදී ප්‍රකාශ කිරීම හේතුවෙන් චෝදනාවට ලක්ව සිටි හිටපු කාන්තා සහ ළමා කටයුතු පිලිබඳ රාජ්‍ය ඇමතිනී විජයකලා මහේෂ්වරන් මන්ත්‍රිනියට එරෙහිව පැවති විමර්ශන වාර්තාව අධිකරණයට ඉදිරිපත් කොට තිබේ.

එහි ප්‍රතිපලයක් ලෙසින් එ.ජා.පක්ෂ මන්ත්‍රිනී විජයකලා මහේෂ්වරන් මන්ත්‍රීවරිය ඊයේ (08/10) දිනයේදී අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කෙරිණි.

මන්ත්‍රීවරිය රක්ෂිත බන්දනාගාර ගතකොට ඉදිරි විමර්ශන සිදුකිරීමේ අවශ්‍යතාවක් නොමැති බව හැඟී යනබවට මහේස්ත්‍රාත්වරයා විසින් තීන්දු කිරීම හේතුවෙන් ඉන් අනතුරුව මන්ත්‍රීවරිය රුපියල් ලක්ෂ පහක ශරීර ඇපයක් මත මුදා හරින ලෙසට නියෝග කොට තිබේ.

මන්ත්‍රිවරියට  එරෙහිව නඩු පවරනවාද නැද්ද යන්න සම්බන්දයෙන් දෙසැම්බර් 7 දා දැනුම් දෙන බව එහිදී අධිකරණය විසින් නීතිපතිවරයාට දැනුම් දී ඇති බවද වාර්තා වේ.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now