ශ්‍රී ලංකා එක් දින පිළේ නායකත්වය දිමුත් කරුණාරත්නට දීමේ සූදානමක්.

Sri Lankan selectors decide to consider Dimuth karunaratne as SL ODI Captain.

Source: AP

එංගලන්තයේදී ලබන මැයි මස ආරම්භ වන ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා එක්දින කණ්ඩායමේ නායකත්වය සඳහා දිමුත් කරුණාරත්න පත්කිරීම පිළිබඳව අවධානය යොමුකර ඇති බව ජාතික ක්‍රිකට් තේරීම් කමිටුව පවසයි.

ලසිත් මාලිංග නායකත්වයට පත්වීමෙන් පසුව ශ්‍රී ලංකා එක්දින පිල මේ වන විට නවසීලන්තයේදී සහ දකුණු අප්‍රිකාවේදී පිට පිටම එක්දින තරග හයක් පරාජයට පත්ව තිබේ.

එක්සත් අරාබි එමිර් රාජ්‍යයේදී පසුගිය වසරේ සැප්තැම්බර් මස පැවැති ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ සිට ශ්‍රී ලංකා එක්දින පිල තරග 13 කට සහභාගි වී ඇතත් ජයගෙන ඇත්තේ එංගලන්තයට එරෙහිව ශ්‍රී ලංකාවේදී පැවැති තරගයක් පමණි. තවත් තරගයක් විසඳුමකින් තොරව අවසන් වී තිබේන අතර තරග 11 පරාජයට පත්වී තිබේ.

මේ අතර , දකුණු අප්‍රිකාවට එරෙහිව හෙට පැවැත්වෙන සිවුවැනි එක්දින තරගයේදී ශ්‍රී ලංකා පිලේ උප නායක නිරෝෂන් දික්වැල්ලට ස්ථානය අහිමිවීමට බොහෝ දුරට ඉඩ තිබේ. ඒ වෙනුවට ප්‍රියමාල් පෙරේරා සහ ඇන්ජලෝ පෙරේරා ක්‍රීඩා කිරීමට නියමිත බවද සඳහන්

එසේම ශ්‍රී ලංකාව සමඟ පැවැත්වෙන සිවුවැනි සහ පස්වැනි එක්දින තරග දෙක සඳහා දකුණු අප්‍රිකානු පිලෙහිද වෙනස්කම් කිහිපයක් සිදුකොට තිබේ. ඒ අනුව ඒඞ්න් මාක්‍රම්, හෂීම් අම්ලා සහ ජේ.පී. ඩුමිනි දකුණු අප්‍රිකානු සංචිතයට කැඳවීමට එරට ක්‍රිකට් තේරීම් කමිටුව පියවර ගෙන තිබේ. දෙරට අතර පැවැත්වෙන එක්දින තරගාවලිය මේ වන විටත් 3-0 ක් ලෙස ජයගැනීමට දකුණු අප්‍රිකාව සමත්ව සිටියි.


2 min read

Published

By Dinesha Dilrukshi Wijesuriya


Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now