SKIP TO MAIN CONTENT

ජෝර්දානයේ පිහිටි ඊශ්‍රායල් තානාපති කාර්යාල ගොඩනැගිල්ලේ වෙඩි තැබීමක් : පුද්ගලයින් දෙදනෙකු ජීවිතක්ෂයට.

Two Jordanian killed and Israeli wounded at Amman embassy 'incident'
Source: SBS

1 min read

Published

By Madhura Seneviratne

Source: SBS News



Skip to article content

ජෝර්දානයේ අම්මාන් නුවර පිහිටි ඊශ්‍රායල් තානාපති කාර්යාලය පිහිටි නේවාසික ගොඩනැගිල්ලේ ඊයේ (23/07) සිදුවූ වෙඩි තැබීමකින් ජෝර්දාන් ජාතිකයින් දෙදෙනකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර එක් ඊශ්‍රායල් ජාතිකයෙකු තුවාල ලබා ඇති බව වාර්තා වේ.

මියගිය ජෝර්දාන් ජාතිකයින් දෙදෙනා දැව කාර්මිකයින් දෙදෙනකු වූ අතර සිද්ධිය සිදුවීමට පෙර ලී වැඩකටයුත්තකට ඔවුන් අදාළ ගොඩනැගිල්ලට ඇතුල්වී ඇති බව පොලීසිය පවසයි.

වෙඩිතැබීම පිළිබඳ පැහැදිලි විස්තරයක් තවමත් අනාවරණය වී නොමැති අතර අම්මාන් නුවර ඊශ්‍රායල් තානාපති කාර්යලය ජෝර්දාන් ආරක්ෂක අංශ විසින් මේ වන විට මුද්‍රා තබා ඇත.

ඊශ්‍රායල් බලධාරීන් සිද්ධිය පිළිබදව මේ වනවිටත් කිසිදු ප්‍රකාශයක් සිදු කර නොමැති බවද වාර්තා වේ.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now