ගතවූ පැය 24 තුළ වික්ටෝරියානු ප්‍රාන්තයෙන් අලුතින් කොරෝනා ආසාදිතයින් 240 ක් සමග තවත් කොරෝනා මරණ 13 ක් වාර්තා වී තිබේ.
ඒ අනුව මේ වනවිට වික්ටෝරියා ප්‍රාන්තයෙන් වාර්තා වන කොරෝනා මරණ සංඛ්‍යාව 376 ක් දක්වා ඉහල ගොස් ඇති අතර සමස්ත ඔස්ට්‍රේලියවෙන්ම වාර්තාවන කොරෝනා මරණ සංඛ්‍යාව 463 ක් දක්වා ඉහළ ගොස් තිබේ.
මෙල්බර්න් මෙට්‍රොපොලිටන් කලාප වලට 4 වන මට්ටමේ lockdown නීති ක්‍රියාත්මක වන තුන්වන සතිය මෙය වන අතර 4 වන මට්ටමේ lockdown නීති පැනවීම සැප්තැම්බර් 13 වන දිනෙන් අවසන් වීමටද නියමිතය.

