අබාධ සහිත වුවන් සුපිරිතමයින් බවට පත් කරන පැරාලිම්පික් ක්‍රීඩා උළෙල රියෝ නුවරදී ඇරඹෙයි (SBS සිංහල /වාර්තා)

පැරලිම්පික් සම්රභක උළෙලේදී ඇමරිකානු ක්‍රීඩකයෙකු විසින් සිදුකල වික්‍රමාන්විත ඉදිරිපත් කිරීම, අබාධ සහිත ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිලිබදව ලොවට ඉතා වැදගත් පණිවිඩයක් ගෙන යන බව ඕස්ට්‍රේලියානු පැරලිම්පික් කණ්ඩායමේ නායක Brad Ness පවසයි.

Brazilian swimmer Clodoaldo Silva, as the last runner of the Rio de Janeiro Paralympic torch relay, lights the cauldron during the opening ceremony at Maracana Stadium on Sept. 7, 2016. The Games run through Sept. 18. (Kyodo)==Kyodo

Brazilian swimmer Clodoaldo Silva, as the last runner of the Rio de Janeiro Paralympic torch relay, lights the cauldron during the opening ceremony Source: AAP Image/ Kyodo

ඔලිම්පික් උළෙලට සමගාමීව අබාධ සහිත වුවන් වෙනුවෙන් පැවැත්වෙන "පැරාලිම්පික් ක්‍රීඩා  උළෙල" පසුගිය 7 දා  (සැප්තැම්බර් 07 දා ) බ්‍රසීලයේ රියෝ නුවර Maracana ක්‍රීඩාංගනයේදී  ආරම්භ වූ අතර, රටවල් 159ක් නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 4,400 කට ආසන්න  පිරිසක් මෙවර පරාලිම්පික්  ක්‍රීඩා උළෙලට සහභාගි වී සිටින බව සදහන්. තවද සිරියාවේ සහ ඉරානයේ උපත ලද සරණාගතයින්  දෙදෙනෙක් හට ස්වාධීන  ක්‍රීඩකයින් ලෙස මෙවර පැරාලිම්පික්  තරගාවලියට සහභාගිවීමට ජාත්‍යන්තර පැරාලිම්පික්  කමිටුව අවසර ලබාදී තිබීම සුවිශේෂී සිදුවීමක්.

රුසියාවට මෙවර පැරාලිම්පික් තහනම්

තහනම් උත්තේජක චෝදනා හේතුවෙන් කිසිදු රුසියානු ක්‍රීඩකයෙක් හෝ ක්‍රීඩිකාවක මෙවර පැරාලිම්පික්  තරගාවලියට සහභාගී නොවීමද කැපී පෙනෙන සිදුවීමක්.  තහනම් උත්තේජක ලබා ගැනීම සම්බන්ධයෙන් රුසියානු පැරාලිම්පික්  ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට පනවා තිබු තහනම සදහා රුසියාව ඉදිරිපත් කල අභියාචනයද ප්‍රතික්ෂේප කිරීමට ක්‍රීඩා විනිශ්චය අධිකරණය පසුගියදා තීරණය කළේය.

 

පැරාලිම්පික්  ක්‍රීඩා  23ක්  මෙවර පැරලිම්පික්  ක්‍රීඩා උළෙලට ඇතුලත් අතර, රන් පදක්කම් 528ක් සදහා ක්‍රීඩක ක්‍රීඩිකාවන් මෙහෙදී තරග වැදීමට නියමිතයි.

ශ්‍රී ලංකාවෙන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 9 දෙනෙක්

මෙවර පැරාලිම්පික්  ක්‍රීඩා උළෙල සදහා ශ්‍රී ලංකාවෙන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 9 දෙනෙකු සහභාගී වන අතර, ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය හිමිව තිබෙන්නේ අනිල් ප්‍රසන්න හටයි. ඉලක්කයට වෙඩි තැබීම, රෝද පුටු ටෙනිස් සහ මලල ක්‍රීඩා තරග ඉසව්වන් සදහා ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහභාගී  වීමට නියමිතයි. මලල ක්‍රීඩා ඉසව්වන් සදහා ඉදිරිපත් වන අනිල් ප්‍රසන්න මෙවර ශ්‍රී ලංකාවේ පැරාලිම්පික්  පදක්කම් බලාපොරොත්තුවක් වන අතර ඔහු T 42 කාණ්ඩය යටතේ මීටර 100, 200 සහ දුරපැනීම යන ඉසව්වන් සදහා සහභාගී වීමට නියමිතයි. මෙවර  ශ්‍රී ලංකා පැරාලිම්පික්  කණ්ඩායමට එක්ව සිටින එකම ක්‍රීඩිකාව වන අමරා  ඉන්දුමතිද  ශ්‍රී ලංකාවේ පදක්කම් බලපොරෝතුවක් වන අතර, ඇයගේ  දක්ෂතා අනුව පදක්කමක් සදහා යෑමට  ඇයට  ශක්තිය ඇති බව ඇයගේ  පුහුණුකරු විමුක්ති ද සොයිසා  SBS සිංහල වැඩසටහන සමග විශේෂ කතා බහකට එක වෙමින් සදහන් කළේය. අමරා  ඉන්දුමතී T 47 කාණ්ඩය යටතේ මීටර 200, 400 සහ දුර පැනීම යන ඉසව්වන් සදහා සහභාගී වීමට නියමිතයි.

 

 F44 කාණ්‌ඩයෙන් සම්පත් හෙට්‌ටිආරච්චි හා F46 කාණ්‌ඩයෙන් ගාමිණී ඒකනායක මෙන්ම දිනේෂ් ප්‍රියන්ත යන ක්‍රීඩකයන් හෙල්ල විසිකිරීමේ ඉසව්ව සඳහා සහභාගී වන අතර . එමෙන්ම T 44 කාණ්‌ඩයෙන් මීටර් 100, 200 සහ මීටර් 400 යන ඉසව්වන් සඳහා අජිත් හෙට්‌ටිආරච්චි තරග බිමට පිවිසීමට නියමිතයි. T 42 කාණ්‌ඩයෙන් තරග වදින ඉන්දික චූලදාස මීටර් 100 සහ 200 යන ඉසව්වන් සදහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් මෙවර පරලිම්පික් තරගාවලියට එක වීමට නියමිතයි.

2012 ලන්ඩන් පැරාලිම්පික් තරගාවලියේදී ශ්‍රී ලංකාවට ලෝකඩ පදක්කමක්

2012 ලන්ඩනයේ පැවැති පැරාලිම්පික්‌ තරගාවලියේදී ප්‍රදීප් සංජය ශ්‍රී ලංකාවට පළමු පැරාලිම්පික්‌  පදක්කම හිමි කරදෙන්නට සමත් වූ අතර එහිදී ඔහු T 46 මීටර් 400 ඉසව්වෙන් ශ්‍රී ලංකාවට ලෝකඩ පදක්‌කම  හිමිකරදෙන්නට සමත් විය.

ඕස්ට්‍රේලියානු පැරාලිම්පික් කණ්ඩායමේ නායකත්වය රෝද පුටු පැසිපන්දු ක්‍රීඩක Brad Ness හට

මෙවර පැරලිම්පික් ක්‍රීඩා උළෙලට ඔස්ට්‍රේලියාව නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 177 දෙනෙකුගෙන් යුත් ශක්තිමත් කණ්ඩායමක් සහභාගී වන අතර, රෝද පුටු පැසිපන්දු ක්‍රීඩක Brad Ness හට එම කණ්ඩායමේ නායකත්වය හිමිව තිබේ. පැරලිම්පික්  සම්රභක උළෙලේදී ඇමරිකානු ක්‍රීඩකයෙකු විසින් සිදුකල වික්‍රමාන්විත ඉදිරිපත් කිරීම, අබාධ සහිත ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිලිබදව ලොවට ඉතා වැදගත් පණිවිඩයක් ගෙන යන බව ඕස්ට්‍රේලියානු පැරලිම්පික් කණ්ඩායමේ නායක Brad Ness  පවසයි. 2012 ලන්ඩන් පැරාලිම්පික්  තරගාවලියේදී රන් පදක්කම් 32ක් සමගින් ඕස්ට්‍රේලියාවට පස්වැනි තැන හිමි වූ අතර මෙවර තරගාවලියේදී ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ දස්කම් වල වර්ධනයක් බලාපොරොත්තු වන ඕස්ට්‍රේලියානු ක්‍රීඩා විචාරකයින් පවසයි .


3 min read

Published

Updated

By Sanjaya Dissanayake



Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now