Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE

2018 පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල : ශ්‍රී ලංකා 100 X 4 පිරිමි සහය දිවීමේ කණ්ඩායම අවසාන මහා තරගයට.

Commonwealth Games 2018: SL men’s relay team has qualified for the Finals.

Source: SBS

ඔස්ට්‍රේලියාවේ ගෝල්ඩ් කෝස්ට් නුවරදී මේ දිනවල පැවැත්වෙන පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ මීටර් 100 X 4 පිරිමි සහය දිවීමේ සුදුසුකම් ලැබීමේ ප්‍රථම තරගයෙන් තුන්වන ස්ථානය හිමිකරගනිමින් ශ්‍රී ලංකා මීටර් 100 X 4 පිරිමි සහය දිවීමේ කණ්ඩායම අවසාන මහා තරගය සඳහා සුදුසුකම් ලබා ගැනීමට ඔස්ට්‍රේලියානු නැගෙනහිර සම්මත වේලාවෙන් අද (13/04) පෙරවරු 11:05 ට සමත් විය.

එම තරගයේදී ශ්‍රී ලංකා ක්‍රීඩකයින් තත්පර 39.47 ක කාලයක් වාර්තා කර තිබු අතර ප්‍රථම ස්ථානයට පත්වූ දකුණු අප්‍රිකානු ක්‍රීඩකයෝ තත්පර 38.71 ක කාලයක් වාර්තා කළෝය.

තරගයේ දෙවැනි ස්ථානයට පත් ඕස්ට්‍රේලියානු ක්‍රීඩකයින් වාර්තා කළ කාලය තත්පර 38.78 කි.

Men's 4 x 100m Relay Round 1 - Heat 1
Source: www.results.gc2018.com

මීටර් 100 X 4 පිරිමි සහය දිවීමේ අවසාන මහා තරගය ඔස්ට්‍රේලියානු නැගෙනහිර සම්මත වේලාවෙන් හෙට (14/04) පස්වරු 2.40 ට පැවැත්වීමට නියමිතය.


1 min read

Published

By Madhura Seneviratne



Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now