ස්විට්සර්ලන්තයේ සුපිරි ටෙනිස් ක්‍රීඩක Roger Federer 2018 ඔස්ට්‍රේලියානු විවෘත ටෙනිස් තරගාවලියේ පිරිමි කේවල අංශයේ ශූරතාව දිනා ගැනීමට ඊයේ (28/01) සමත් විය.
ඒ තම ප්‍රතිවාදියා වූ ක්‍රොයේෂියානු ක්‍රීඩක Marin Cilic ව 6-2 6-7 6-3 3-6 6-1 ලෙස පරාජයට පත් කරමිනි.
තමන්ගේ ටෙනිස් ජීවිතයේ Roger Federer දිනාගත් 20 වන ග්‍රෑන්ඩ් ස්ලෑම් ශූරතාව මෙය වන අතර මෙය ඔහුගේ 6 වන ඔස්ට්‍රේලියානු විවෘත ටෙනිස් ශූරතාවය වේ.
36 හැවිරිදි Roger Federer, 2004, 2006, 2007, 2010, 2017 සහ 2018 වසර වල ඔස්ට්‍රේලියානු විවෘත ටෙනිස් ශූරතාවය ජයගෙන තිබේ.
ඒ අනුව ඔස්ට්‍රේලියානු විවෘත ටෙනිස් ශූරතාවය වැඩිම වතාවක් ජයගෙන ඇති ක්‍රීඩකයින් වන Novak Djokovic සහ Roy Emerson සමග සම තැන් ගන්නට මෙවර ජයත් සමග Roger Federer ට හැකි වී ඇත.
මේ අතර ඔස්ට්‍රේලියානු විවෘත ටෙනිස් තරගාවලියේ කාන්තා කේවල අංශයේ ශූරතාව දිනා ගැනීමට ඩෙන්මාර්කයේ Caroline Wozniacki සමත් විය.
ඇය රොමේනියාවේ Simona Halep ව 7-6,3-6, 6-4 ලෙස පරාජයට පත් කරමින් මේ ජයග්‍රහණය ලබා ගත්තාය.

