2018 පා පන්දු ලෝක කුසලාන තරගාවලියේ සුපිරි 16 තේරෙයි : 2018 FIFA World Cup 15 වන දිනය.

FIFA World Cup 2018

Source: SBS

රුසියාවේ මේ දිනවල පැවැත්වෙන 2018 පා පන්දු ලෝක කුසලාන තරගාවලියේ 15 වන දිනය අවසාන වන විට A හා B, C හා D මෙන්ම E හා F, G හා H ඛාණ්ඩ වලින් පිළිමලුන් පිටු දකින වටයට සුදුසුකම් ලැබූ කණ්ඩායම් 16 තීරණය වී ඇත.

ඒ අනුව ඊයේ (28/06) දිනය අවසාන වන විට  G ඛාණ්ඩයෙන් බෙලජියම සහ එංගලන්තයත් H ඛාණ්ඩයෙන් ජපානය සහ කොලොම්බියාවත් පිළිමලුන් පිටු දකින වටයට සුදුසුකම් ලැබුවේය.
FIFA World Cup 2018
Source: Wikipedia
පා පන්දු ලෝක කුසලානයේ 15 වන දිනයේ තරග සාරාංශය මෙසේය.

ජපානය - පෝලන්තය

H ඛාණ්ඩය යටතේ ජපානය හා පෝලන්තය  අතර ඊයේ පැවති පළමු වටයේ තරගයේදී පෝලන්තය විසින් ජපානය ගෝල 1-0 ක් ලෙස පරාජයට පත් කළද එතෙක් ලබා තිබු ප්‍රසාද ලකුණු හා ගෝල සංඛ්‍යාව මත ජපානය පිළිමලුන් පිටු දකින වටයට සුදුසුකම් ලැබුවේය.

ඒ අනුව ජපානය පිළිමලුන් පිටු දකින වටයේදී බෙල්ජියම සමග ජූලි 02 වන දින තරග වදිනු ඇත.

Image

සෙනිගාලය - කොලොම්බියාව

H ඛාණ්ඩය යටතේ ඊයේ පැවති අනෙක් තරගයේදී සෙනිගාලය ගෝල 1-0 ක් ලෙස පරාජයට පත් කිරීමට කොලොම්බියාව සමත්වීමත් සමග ඔවුන්ද අවසාන 16 දෙනා අතරට තේරී පත් විය.

ඒ අනුව කොලොම්බියාව පිළිමලුන් පිටු දකින වටයේදී එංගලන්තය සමග ජූලි 03 වන දින තරග වදිනු ඇත.

Image

එංගලන්තය - බෙල්ජියම

G ඛාණ්ඩය යටතේ එංගලන්තය හා බෙල්ජියම අතර ඊයේ පැවති පළමු වටයේ තරගයේදී බෙල්ජියම විසින් එංගලන්තය ගෝල 1-0 ක් ලෙස පරාජයට පත් කළද එතෙක් ලබා තිබු ප්‍රසාද ලකුණු හා ගෝල සංඛ්‍යාව මත දෙපිළම පිළිමලුන් පිටු දකින වටයට සුදුසුකම් ලැබුවේය.
FIFA World Cup 2018
Source: SBS

පැනමා - ටියුනීසියාව

G ඛාණ්ඩය යටතේ ඊයේ පැවති අනෙක් තරගයේදී පැනමාව ගෝල 2-1 ක් ලෙස පරාජයට පත් කිරීමට ටියුනීසියාව සමත් විය.

නමුත් මෙම කණ්ඩායම් ද්විත්වයම පිළිමලුන් පිටු දකින වටයට සුදුසුකම් ලැබීමට අසමත් විය.

Image

2018 පා පන්දු ලෝක කුසලාන තරගාවලිය - පිළිමලුන් පිටු දකින වටය

2018  පා පන්දු ලෝක කුසලාන තරගාවලියේ පිළිමලුන් පිටු දකින වටය හෙටින් (30/06) ආරම්භ වීයි.

පිළිමලුන් පිටු දකින වටයට කණ්ඩායම් 16 ක් තේරී පත්වී ඇති අතර මෙම වටයේදී තරග 8 ක් ක්‍රියාත්මක වේ.

පිළිමලුන් පිටු දකින වටයේදී අදාළ තරග 8 ක්‍රියාත්මක වන්නේ පහත අයුරිනි.
FIFA World Cup 2018
Source: FIFA



Share

Published

By Madhura Seneviratne

Share this with family and friends


Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service