Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE

2018 නිදහස් කුසලානය : අවසන් පන්දුවට ගැසූ 6 පහරින් බංග්ලාදේශයේ සිහින සුන් වෙයි.

Nidahas Trophy 2018

Source: AP

ශ්‍රී ලංකාවේ 70 වන නිදහසට සමගාමීව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කළ නිදහස් කුසලාන 20-20 ක්‍රිකට් තරගාවලියේ ඊයේ (18/03) පැවති අවසාන මහා තරගයෙන් කඩුලු 4 ක තියුණු ජයක් අත් කරගන්නට ඉන්දීය පිළ සමත් විය.

ලකුණු 167 ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය ඉන්දීය පිළට අවසන් පන්දු වාරයේදී ජයග්‍රහණය සදහා ලකුණු 12 ක් ලබාගැනීමට තිබූ අතර පළමු පන්දු 5 තුළ කඩුල්ලක් අහිමිකර ගනිමින් ඔවුන්ට ලබාගැනීමට හැකිවූයේ ලකුණු 7 කි.

ජයග්‍රහණය සඳහා අවසන් පන්දුවට ලකුණු  5 ක් ලබාගැනීමට තිබූ අතර ඊට මුහුණදුන් ඩිනේෂ් කාර්තික් හයේ පහරක් එල්ල කිරීමත් සමග ඉන්දීය පිළ 2018 නිදහස් කුසලානය ජයගන්නට සමත් විය.

කාසියේ වාසිය දිනූ ඉන්දීය කණ්ඩායම බංග්ලාදේශ කණ්ඩායමට ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට ආරාධනා කළ අතර නියමිත පන්දුවාර 20 අවසානයේ බංග්ලාදේශය කඩුලු 8 කට ලකුණු 166 ක් ලබා ගත්තේය.

බංග්ලාදේශය වෙනුවෙන් Sabbir Rahman ලකුණු 77 ක් ලබාගැනීමට සමත් විය.

පිළිතුරු ඉනිම ඇරඹු ඉන්දීය පිතිකරුවන් වේගවත් ආරම්භයක් ලබාගත්තද ලකුණු 32 ක් තුළ කඩුලු 2 ක් බිඳ වැටීම හේතුවෙන් ලකුණු ලබා ගැනීම මදක් අඩාල විය.

නමුත් ඉන්දීය නායක රෝහිත් ශර්මා පන්දු 42 කදී ලකුණු 56 ක් ලබාගනිමින් ඉන්දීය ඉනිම නැවත ශක්තිමත් කළේය.

අවසන් පන්දුවේදී 6 පහරක් එල්ල කරමින් ඉන්දියාවට ජය හිමි කරදුන් දිනේෂ් කාර්තික් තරගයේ වීරයා සම්මානයෙන් පිදුම් ලැබූ අතර ඉන්දීය පිළේ Washington Sundar තරගාවලියේ වීරයා සම්මානයෙන් පිදුම් ලැබීය.

ශ්‍රී ලංකාවේ 50 වන නිදහසට සමගාමීව 1998 වසරේදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කළ නිදහස් කුසලාන එක් දින ක්‍රිකට් තරගාවලියේ කුසලානයද ඉන්දීය පිළ ජයගැනීම තවත් සුවිශේෂී සිදුවීමකි.


2 min read

Published

By Madhura Seneviratne



Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now