SKIP TO MAIN CONTENT

2018 පා පන්දු ලෝක කුසලානයේ 12 වන දිනය : A හා B ඛාණ්ඩ වලින් සුපිරි 8 දෙනාගේ වටයට තේරුණු කණ්ඩායම් මෙන්න.

FIFA World cup 2018
The official logo for the 2018 FIFA World Cup is presented on the facade of the Bolshoi Theatre in Moscow, Russia, Wednesday, Source: AP

2 min read

Published

By Madhura Seneviratne

Source: SBS News


Skip to article content

රුසියාවේ මේ දිනවල පැවැත්වෙන 2018 පා පන්දු ලෝක කුසලාන තරගාවලියේ 12 වන දිනය අවසාන වන විට A හා B ඛාණ්ඩ වලින් පිළිමලුන් පිටු දකින සුපිරි 8 දෙනාගේ වටයට සුදුසුකම් ලැබූ කණ්ඩායම් 4 තීරණය වී ඇත.

ඒ  අනුව දකුණු ඇමෙරිකාවේ පා පන්දු බල කොටුව වන උරුගුවේ ප්‍රසාද 9 ලකුණු 9 ක් සහ රුසියාව ප්‍රසාද ලකුණු 6 ක් ලබා A ඛාණ්ඩයෙන් සුපිරි 8 දෙනාගේ වටයට සුදුසුකම් ලබා තිබේ.

එමෙන්ම යුරෝපානු පා පන්දු පිටියේ ගිණි ගෙඩි ද්විත්වය ලෙස සැළකෙන පෘතුගාලය සහ ස්පාඤ්ඤය B ඛාණ්ඩයෙන් පිළිමලුන් පිටු දකින සුපිරි 8 දෙනාගේ වටයට සුදුසුකම් ලබන්නට සමත් විය.

පා පන්දු ලෝක කුසලානයේ 12 වන දිනයේ තරග සාරාංශය මෙසේය.

මොරොක්කෝව - ස්පාඤ්ඤය

මොරොක්කෝව සහ ස්පාඤ්ඤය අතර පැවති තරගය ගෝල 2 -2 ක් ලෙස සම තත්ත්වයෙන් අවසන් වුවද මෙතෙක් තරග වලදී ලබා ගත් සම්පූර්ණ ගෝල සංඛ්‍යාවේ එකතුවෙන් B ඛාණ්ඩයේ පෙරමුණ ගනිමින් ස්පාඤ්ඤය, පිළිමලුන් පිටු දකින සුපිරි 8 දෙනාගේ වටයට  B ඛාණ්ඩයෙන් සුදුසුකම් ලබා ගත්තේය.

සුපිරි 8 දෙනාගේ වටයේදී ස්පාඤ්ඤය, රුසියාව සමග තරග වදිනු ඇත.

FIFA World cup 2018
Source: SBS

පෘතුගාලය - ඉරානය

පෘතුගාලයේ සුපිරි පා පන්දු ක්‍රීඩක Cristiano Ronaldo හට දඬුවම් පහරක් මග හැරීම නිසා පෘතුගාලය සහ ඉරානය අතර පැවති තරගය ද ගෝල 1 - 1 ක් ලෙස සම තත්ත්වයෙන් අවසන් විය.

කෙසේවෙතත් සුපිරි 8 දෙනාගේ වටයට  B ඛාණ්ඩයෙන් සුදුසුකම් ලබා ගත් පෘතුගාලය එහිදී උරුගුවේ සමග තරග කිරීමට නියමිතය.

FIFA World cup 2018
Source: SBS

උරුගුවේ - රුසියාව

12 වන දිනයේදී පැවති තවත් සුපිරි පළමු වටයේ තරගයක් වී උරුගුවේ සහ රුසියාව අතර පැවති තරගයෙන් රුසියාව පරදා උරුගුවේ ගෝල 3- 0 ක් ලෙස ජයගනිමින් A ඛාණ්ඩයේ පෙරමුණ ගත්තේය.

නමුත් රුසියාවද A ඛාණ්ඩයේ දෙවැනි තැන ගනිමින් සුපිරි 8 දෙනාගේ වටයට සුදුසුකම් ලැබීය.

ඒ අනුව සුපිරි 8 දෙනාගේ වටයේදී උරුගුවේ පෘතුගාලය සමගද රුසියාව ස්පාඤ්ඤය සමගද තරග වැදීමට නියමිතය.

FIFA World cup 2018
Source: SBS


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now