රුසියාවේ මේ දිනවල පැවැත්වෙන 2018 පා පන්දු ලෝක කුසලාන තරගාවලියේ 12 වන දිනය අවසාන වන විට A හා B ඛාණ්ඩ වලින් පිළිමලුන් පිටු දකින සුපිරි 8 දෙනාගේ වටයට සුදුසුකම් ලැබූ කණ්ඩායම් 4 තීරණය වී ඇත.
ඒ අනුව දකුණු ඇමෙරිකාවේ පා පන්දු බල කොටුව වන උරුගුවේ ප්‍රසාද 9 ලකුණු 9 ක් සහ රුසියාව ප්‍රසාද ලකුණු 6 ක් ලබා A ඛාණ්ඩයෙන් සුපිරි 8 දෙනාගේ වටයට සුදුසුකම් ලබා තිබේ.
එමෙන්ම යුරෝපානු පා පන්දු පිටියේ ගිණි ගෙඩි ද්විත්වය ලෙස සැළකෙන පෘතුගාලය සහ ස්පාඤ්ඤය B ඛාණ්ඩයෙන් පිළිමලුන් පිටු දකින සුපිරි 8 දෙනාගේ වටයට සුදුසුකම් ලබන්නට සමත් විය.
පා පන්දු ලෝක කුසලානයේ 12 වන දිනයේ තරග සාරාංශය මෙසේය.
මොරොක්කෝව - ස්පාඤ්ඤය
මොරොක්කෝව සහ ස්පාඤ්ඤය අතර පැවති තරගය ගෝල 2 -2 ක් ලෙස සම තත්ත්වයෙන් අවසන් වුවද මෙතෙක් තරග වලදී ලබා ගත් සම්පූර්ණ ගෝල සංඛ්‍යාවේ එකතුවෙන් B ඛාණ්ඩයේ පෙරමුණ ගනිමින් ස්පාඤ්ඤය, පිළිමලුන් පිටු දකින සුපිරි 8 දෙනාගේ වටයට B ඛාණ්ඩයෙන් සුදුසුකම් ලබා ගත්තේය.
සුපිරි 8 දෙනාගේ වටයේදී ස්පාඤ්ඤය, රුසියාව සමග තරග වදිනු ඇත.

Source: SBS
පෘතුගාලය - ඉරානය
පෘතුගාලයේ සුපිරි පා පන්දු ක්‍රීඩක Cristiano Ronaldo හට දඬුවම් පහරක් මග හැරීම නිසා පෘතුගාලය සහ ඉරානය අතර පැවති තරගය ද ගෝල 1 - 1 ක් ලෙස සම තත්ත්වයෙන් අවසන් විය.
කෙසේවෙතත් සුපිරි 8 දෙනාගේ වටයට B ඛාණ්ඩයෙන් සුදුසුකම් ලබා ගත් පෘතුගාලය එහිදී උරුගුවේ සමග තරග කිරීමට නියමිතය.

Source: SBS
උරුගුවේ - රුසියාව
12 වන දිනයේදී පැවති තවත් සුපිරි පළමු වටයේ තරගයක් වී උරුගුවේ සහ රුසියාව අතර පැවති තරගයෙන් රුසියාව පරදා උරුගුවේ ගෝල 3- 0 ක් ලෙස ජයගනිමින් A ඛාණ්ඩයේ පෙරමුණ ගත්තේය.
නමුත් රුසියාවද A ඛාණ්ඩයේ දෙවැනි තැන ගනිමින් සුපිරි 8 දෙනාගේ වටයට සුදුසුකම් ලැබීය.
ඒ අනුව සුපිරි 8 දෙනාගේ වටයේදී උරුගුවේ පෘතුගාලය සමගද රුසියාව ස්පාඤ්ඤය සමගද තරග වැදීමට නියමිතය.

Source: SBS