2018 පා පන්දු ලෝක කුසලානයේ 13 වන දිනය : ඔස්ට්‍රේලියාවේ ලෝක කුසලාන සිහිනය බොඳ වෙද්දී ආර්ජන්ටිනාව දෙස දෙවියන් බලයි.

2018 FIFA World Cup

Source: SBS

රුසියාවේ මේ දිනවල පැවැත්වෙන 2018 පා පන්දු ලෝක කුසලාන තරගාවලියේ 13 වන දිනය අවසාන වන විට A හා B මෙන්ම C හා D ඛාණ්ඩ වලින් පිළිමලුන් පිටු දකින වටයට සුදුසුකම් ලැබූ කණ්ඩායම් 8 තීරණය වී ඇත.

ඒ අනුව ඊයේ (26/06) දිනය අවසාන වන විට  C ඛාණ්ඩයෙන් ප්‍රංශය ප්‍රසාද ලකුණු 7 ක්ද ඩෙන්මාර්කය  ප්‍රසාද ලකුණු 5 ක්ද ලබා පිළිමලුන් පිටු දකින වටයට සුදුසුකම් ලැබුවේය.

එමෙන්ම ලොව කොයි කවුරුත් දෑස් දල්වා බලා සිටින පා පන්දු ලොවේ ආදරණීයම පිළ ලෙස සැලකෙන ආර්ජන්ටිනාව ඊයේ නයිජීරියාව පරදා D ඛාණ්ඩයෙන් පිළිමලුන් පිටු දකින වටයට සුදුසුකම් ලැබුවේය.

ඔවුන් ප්‍රසාද ලකුණු 4 ක් ලබා D ඛාණ්ඩයෙන් දෙවනි ස්ථානය ලබා මීළඟ වටයට සුදුසුකම් ලැබුවේය.

ඊට අමතරව ක්‍රොයේෂියාව ප්‍රසාද ලකුණු 9 ක් ලබා D ඛාණ්ඩයේ ප්‍රථම  ස්ථානය ලබා පිළිමලුන් පිටු දකින වටයට සුදුසුකම් ලැබුවේය.

එමෙන්ම ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ පා පන්දු ලෝක කුසාලන සිහිනය ඊයේ පේරු කණ්ඩායම විසින් බිඳ දැමුවේ ගෝල 2-0 ක් ලෙස ඔස්ට්‍රේලියාව පරාජයට පත් කරමිනි.

ඒ අනුව ඔස්ට්‍රේලියාව 2018 පා පන්දු ලෝක කුසාලනයේ පළමු වටයෙන්ම ඉවතට විසි විය.

පා පන්දු ලෝක කුසලානයේ 13වන දිනයේ තරග සාරාංශය මෙසේය.

ඔස්ට්‍රේලියාව - පේරු

ඔස්ට්‍රේලියාව සහ පේරු අතර පැවති තරගය ගෝල 2 -0 ක් ලෙස ජයගැනීමට පේරු කණ්ඩායම සමත් විය.

නමුත් එම කිසිදු කණ්ඩායමකට C ඛාණ්ඩයෙන් පිළිමලුන් පිටු දකින වටයට සුදුසුකම් ලැබීමට නොහැකි විය.

C ඛාණ්ඩයෙන් පිළිමලුන් පිටු දකින වටයට සුදුසුකම් ලැබුවේ ප්‍රංශය සහ ඩෙන්මාර්කය   වේ.

ඒ අනුව ප්‍රංශය D ඛාණ්ඩයේ දෙවනියා වූ ආර්ජන්ටිනාව සමගද ඩෙන්මාර්කය  D ඛාණ්ඩයේ පළමු තැන ලැබූ  ක්‍රොයේෂියාව සමගද පිළිමලුන් පිටු දකින වටයේදී තරග කරනු ඇත.

2018 FIFA World Cup
Source: SBS

ඩෙන්මාර්කය - ප්‍රංශය

ඩෙන්මාර්කය  සහ ප්‍රංශය අතර පළමු වටයේ ඊයේ පැවති තරගය ගෝල 0-0 ලෙස සම තත්ත්වයෙන් අවසන් විය.

නමුත් ඔවුන් දෙපිළම පිළිමලුන් පිටු දකින වටයට සුදුකම් ලැබීය.

Image

නයිජීරියාව - ආර්ජන්ටිනාව

ලෝකයේම ඊයේ දිනයේදී අවධානය යොමුවූ නයිජීරියාව  සහ ආර්ජන්ටිනාව අතර තරගය ගෝල 2-1 ක් ලෙස ජයගැනීමට ආර්ජන්ටිනාව සමත්වූයේ 2018 පා පන්දු ලෝක කුසාලන සිහිනය තව දුරටත් දකිමිනි.

ඒ අනුව ආර්ජන්ටිනාව D ඛාණ්ඩයෙන් පිළිමලුන් පිටු දකින වටයට සුදුසුකම් ලැබුවේ C ඛාණ්ඩයෙන් ප්‍රථමයා බවට පත්වූ ප්‍රංශය සමග තරග වැදීමටය.

2018 FIFA World Cup
Source: SBS

අයිස්ලන්තය - ක්‍රොයේෂියාව

D ඛාණ්ඩයේ පලමු වටයේ තරගයක් වූ මෙම තරගයද D ඛාණ්ඩයට ඉතා තීරණාත්මක තරගයක් විය.

කෙසේවෙතත් ක්‍රොයේෂියාව, අයිස්ලන්තය ගෝල 2-1 ක් ලෙස පරදා තරගය ජය ගත්තේ D ඛාණ්ඩයේ පලමු තැනට පත්වෙමිනි.

යම් හෙයකින් මෙම තරගයෙන් අයිස්ලන්තය ජයගතහොත් ආර්ජන්ටිනාවට පිළිමලුන් පිටු දකින වටයට සුදුසුකම් ලැබීමට නොහැකි වනු ඇත.

කෙසේවෙතත්, ක්‍රොයේෂියාව පිළිමලුන් පිටු දකින වටයේදී ඩෙන්මාර්කය  සමග තරග වදිනු ඇත.

2018 FIFA World Cup
Source: SBS

2 min read

Published

Updated

By Madhura Seneviratne

Source: SBS News



Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now