SKIP TO MAIN CONTENT

ලෝක ටෙනිස් තරු සමගින් 2018 ඔස්ට්‍රේලියානු විවෘත ටෙනිස් තරගාවලිය අදින් ඇරඹේ.

2018 Australian open begins today
Source: Australian open

1 min read

Published

Updated

By Madhura Seneviratne

Source: SBS News



Skip to article content

ලෝක ටෙනිස් පිටියේ ප්‍රමුඛතම ටෙනිස් තරගාවලියක් වන ඔස්ට්‍රේලියානු විවෘත ටෙනිස් තරගාවලිය අද (15/01) ආරම්භ වේ.

ඔස්ට්‍රේලියානු ජාතික ටෙනිස් ශ්‍රේණිගත කිරීම් වල අංක එකේ ක්‍රීඩකයා වන නික් කිරියෝස් සහ අංක එකේ ක්‍රීඩිකාව වන ඈෂ්ලි බර්ටි ප්‍රමුඛ ඔස්ට්‍රේලියානු ටෙනිස් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 17 දෙනෙකු මෙවර  ඔස්ට්‍රේලියානු විවෘත ටෙනිස් තරගාවලියට සහභාගී වෙයි.

මේ අතර ලොව සුපිරි ටෙනිස් ක්‍රීඩක බ්‍රිතාන්‍යයේ Andy Murray ආබාධයක් හේතුවෙන් මෙවර ඔස්ට්‍රේලියානු විවෘත ටෙනිස් තරගාවලිය ට සහභාගී නොවන අතර පසුගිය වසරේ මෙන්ම හත් වාතාවක් ඔස්ට්‍රේලියානු විවෘත කාන්තා ටෙනිස් ශූරතාව හිමිකරගත් ඇමෙරිකාවේ Serena Williams ද මෙවර තරගාවලියට සහභාගී නොවන බව වාර්තා වේ.

මේ අතර ගියවර ඔස්ට්‍රේලියානු විවෘත කාන්තා ටෙනිස් අනු ශූරතාව හිමිකරගත් ඇමෙරිකාවේ Venus Williams සහ ස්විට්සර්ලන්තයේ Belinda Bencic සමග අද දිනයේදී තරග වදින අතර ස්පාඤ්ඤයේ Rafael Nadal සහ ඩොමිනික් රාජ්‍යයයේ Burgos Estrella ද අද දිනයේ තම ප්‍රථම වටයේ තරග සඳහා තරග වදිනු ඇත.

ඔස්ට්‍රේලියානු විවෘත ටෙනිස් තරගාවලිය ලබන ජනවාරි 28 වන දින දක්වා මෙල්බන් නුවර දී පැවැත්වේ.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now