SKIP TO MAIN CONTENT

2018 IPL ශුරතාවය චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමට

IPL 2018 Final
Source: espncricinfo

1 min read

Published

By Madhura Seneviratne


Skip to article content

2018 ඉන්දීය ප්‍රිමියර් ලිග් ක්‍රිකට් තරගාවලියේ ශුරතාවය හිමි කරගන්නට ඊයේ රාත්‍රීයේ (27/05) චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම සමත් විය.

මහේන්ද්‍ර සිං දෝණිගේ නායකත්වයෙන් යුත් චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම සහ කේන් විලියම්සන්ගේ නායකත්වයෙන් යුත් සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම අතර පැවති අවසන් තරගයෙන් කඩුලු 8ක දැවැන්ත ජයක් ලබන්නට සුපර් කිංග්ස් කණ්ඩායම සමත් විය.

ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම නියමිත පන්දු වාර 20 අවසානයේ කඩුලු 6 කට ලකුණු 178 ක් රැස් කළේය.

නමුත් චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම පන්දුවාර 18 යි පන්දු 3 කදී කඩුලු 2 ක් පමණක් බිඳ වැටී ලකුණු 181 ක් ලබා තරගයේ ජය සනිටුහන් කළේය.

චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම වෙනුවෙන් නොදැවී ලකුණු 117ක් රැස් කල ඕස්ට්‍රේලියානු පිතිකරු Shane Watson අවසන් තරගයේ වීරයා බවට පත් විය.

පන්දු 57කදී හතරේ පහර 11ක් සහ හයේ පහර 8ක් සමගින් වොට්සන් තම ලකුණු 117 වාර්තා කරන්නට සමත් විය.

 

 


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now