SKIP TO MAIN CONTENT

ලංකාවේ 2018 ඇස්තමේන්තුගත වියදම රුපියල් බිලියන 3982 ක්.

Politics of Sri Lanka
Source: Daily Mirror

1 min read

Published

By Madhura Seneviratne



Skip to article content

ශ්‍රී ලංකාවේ 2018 මුදල් වර්ෂය සඳහා අයවැය ඇස්තමේන්තු ඇතුළත් විසර්ජන පනත් කෙටුම්පත මුදල් රාජ්‍ය අමාත්‍ය එරාන් වික්‍රමරත්න මහතා විසින් අද (09/10) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත බව සඳහන්.

2018 මුදල් වර්ෂය සඳහා රජයේ සමස්ත වියදම රුපියල් බිලියන 3,982ක් ලෙස ඇස්තමේන්තු කර ඇති අතර, ඒ අනුව නව මුදල් වර්ෂය සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත සකස්කර තිබේ.

 

රජයේ සමස්ත වියදමින් රාජ්‍ය ණය ආපසු ගෙවීම, වැන්දඹු හා අනත්දරු අරමුදල සඳහා වූ දායක මුදල් වැනි මේ වන විටත් පාර්ලිමේන්තුව විසින් සම්මත කරන ලද පනත් යටතේ දැරීමට නියමිත වියදම රුපියල් බිලියන 2,005.1ක් බව වාර්තා වේ.

 

2018 වර්ෂයේ රජයේ පුනරාවර්තන වියදම රුපියල් බිලියන 1,308.9ක් ලෙසත්, ප්‍රාග්ධන වියදම රුපියල් බිලියන 668ක් ලෙසත් ඇස්තමේන්තුගත කර තිබේ.

එමෙන්ම 2018 වර්ෂයේ අපේක්ෂිත රාජ්‍ය ආදායම හා විදේශීය ප්‍රදානයන්හි එකතුව රුපියල් බිලියන 2,175ක් ලෙස ඇස්තමේන්තු කර ඇති අතර, ඒ අනුව, රජයේ අත්තිකාරම් වියදම් කටයුතු සඳහා වූ රුපියල් බිලියන 06ක මුදලද සැලකිල්ලට ගත් කල්හි රුපියල් බිලියන 1,813ක් දේශීය හා විදේශීය මූලාශ්‍ර මගින් ණය වශයෙන් ලබාගත යුතුව තිබේ.

Daily Mirror ඇසුරෙනි.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now