SKIP TO MAIN CONTENT

2019 ඔස්ට්‍රේලියානු විවෘත ටෙනිස් තරගාවලියේ පිරිමි ශූරතාවය සර්බියාවේ Novak Djokovic ට.

Australian Open 2019
Source: AAP

1 min read

Published

By Madhura Seneviratne

Source: SBS News


Skip to article content

2019 ඔස්ට්‍රේලියානු විවෘත ටෙනිස් තරගාවලියේ ඊයේ (27/01) පැවති පිරිමි කේවල අංශයේ ශූරතාව දිනාගැනීමට සර්බියාවේ Novak Djokovic සමත් විය.

ලොව අංක දෙකේ ටෙනිස් ක්‍රීඩක ස්පාඤ්ඤයේ Rafael Nadal සහ ලොව අංක එකේ ටෙනිස් ක්‍රීඩක Novak Djokovic අතර ඊයේ අවසන් මහා තරගය පැවැත්විණි.

එහිදී 6-3, 6-2 ක් සහ 6-3 ක් ලෙසින් විශිෂ්ඨ ජයක් අත්කරගැනීමට Djokovic සමත් විය.

මේ අනුව Novak Djokovic විසින් ජයගත් 7 වන ඔස්ට්‍රේලියානු විවෘත ටෙනිස් ශූරතාව ලෙස මෙය වාර්තා වන අතර ඉතිහාසයේ වැඩිම ඔස්ට්‍රේලියානු විවෘත ටෙනිස් ශූරතාවන් දිනාගත් ක්‍රීඩකයා ලෙසද ඔහු ඉතිහාසගත වෙයි.

මේ වන විට ඔහු දිනා ඇති මුළු ග්‍රෑන්ඩ් ස්ලෑම් ශූරතා සංඛ්‍යාව 15 කි.

පසුගිය වසරේ පැවති Wimbledon සහ  ඇමෙරිකානු විවෘත ටෙනිස් තරගාවලි වලද පිරිමි කේවල අංශයේ ශූරතාවන් දිනාගැනීමටද Djokovic සමත් විය.

ඒ අනුව ඔහු පසුගිය වසරේ සිට මේ දක්වා පැවති ග්‍රෑන්ඩ් ස්ලෑම් තරගාවලි ත්‍රිත්වයේම ශූරතාවන් නොකඩවා දිනා ගැනීමට සමත්වීම තවත් විශේෂත්වයකි.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now