2019 ඔස්ට්‍රේලියානු විවෘත ටෙනිස් තරගාවලියේ 13 වන දිනය වන ඊයේ (26/01) දිනයේ පැවති කාන්තා කේවල අංශයේ ශූරතාව දිනාගැනීමට ජපානයේ Naomi Osaka සමත් වුවාය.
චෙක් ජන රජයේ Petra Kvitová ව 7–6(7–2), 5–7 සහ 6–4 ක් ලෙස පරාජයට පත් කරමින් මෙසේ ජපානයේ Naomi Osaka තම ටෙනිස් දිවියේ මංගල ඔස්ට්‍රේලියානු විවෘත ශූරතාව දිනාගත්තාය.
මොවුන් දෙදෙනාම ඔස්ට්‍රේලියානු විවෘත ටෙනිස් තරගාවලියක අවසන් මහා තරගයකට සහභාගී වූ ප්‍රථම අවස්ථාවද මෙය වේ.
Naomi Osaka පසුගිය වසරේ පැවති ඇමෙරිකානු විවෘත ටෙනිස් තරගාවලියේ කාන්තා කේවල අංශයේ ශූරතාව දිනාගැනීමට ද සමත් වුවාය.
ඒඅනුව මෙය ඇගේ දෙවැනි ග්‍රෑන්ඩ් ස්ලෑම් ශූරතාව වේ.

වසරේ මහා ටෙනිස් ද්වන්ධ සටන අදයි
2019 ඔස්ට්‍රේලියානු විවෘත ටෙනිස් තරගාවලියේ පිරිමි කේවල අංශයේ අවසන් මහා තරගය අද (27/01) දිනයේ ඔස්ට්‍රේලියානු නැගෙනහිර සම්මත වේලාවෙන් රාත්‍රී 7.30 ට Rod Laver Arena හිදී ආරම්භ වේ.
ස්පාඤ්ඤයේ Rafael Nadal සහ සර්බියාවේ Novak Djokovic අද දිනයේ අවසන් මහා තරගයේදී තරග වදිනු ඇත.
Rafael Nadal දැනට ලොව අංක 2 කේ ටෙනිස් ක්‍රීඩකයා වන අතර Novak Djokovic දැනට ලොව අංක එකේ ටෙනිස් ක්‍රීඩකයා වේ.
මොවුන් දෙදනා 2012 වසරේ ඔස්ට්‍රේලියානු විවෘත ටෙනිස් තරගාවලියේ පිරිමි කේවල අංශයේ අවසන් මහා තරගයෙදී අවසන් වරට තරග වැදුණු අතර එහිදී Djokovic ශූරයා බවට පත් විය.
එම තරගය පුරා පැය 5 කුත් මිනිත්තු 53 ක් පුරාවට දිව ගිය අතර මෙතෙක් ඔස්ට්‍රේලියානු විවෘත ටෙනිස් තරගාවලි ඉතිහාසයේ දීර්ගතම තරගය ලෙසටද එය ඉතිහාසගත වේ.

