2019 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ත්‍යාග මුදල් සඳහා ඩොලර් මිලියන 10ක්.

ICC Cricket World Cup 2019

Source: Getty Images

2019 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පිරි නමන තෑගී මුදල් පිළිබඳ ICC ය නිල වශයෙන් නිවේදනය කර තිබේ.

ඒ අනුව මෙවර ක්‍රිකට් ලෝක කුසලානය දිනාගන්නා කණ්ඩායමට කුසලානයට අමතරව ඇමෙරිකානු ඩොලර් මිලියන 4 ක ත්‍යාග මුදලක් හිමිවන අතර අනුශූරයින්ට ඇමෙරිකානු ඩොලර් මිලියන 2 ක ත්‍යාග මුදලක් හිමි වේ.

එමෙන්ම සෙසු කණ්ඩායම් 8 ට ඇමෙරිකානු ඩොලර් ලක්ෂ 8 බැගින් පිරි නැමීමට ද ICC ය තීරණය කර තිබේ.

එළඹෙන මැයි 30 වන දින ආරම්භ වන මෙවර ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය ජූලි 14 වන දින එංගලන්තයේ Lords ක්‍රීඩාංගනයේදී පැවැත්වේ.

කණ්ඩායම් 10 ක් තරග වදින මෙවර ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව මුහුණ දෙන පළමු තරගය ජුනි 01 වන දින නවසීලන්තය සමග Wales හි   Cardiff ක්‍රීඩාංගනයේදී පැවැත්වේ.


1 min read

Published

By Madhura Seneviratne


Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now