2019 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය: David Warner ගේ ශතකය පාකිස්තානය පරදා කැන්ගරුවන් ට ජය කැන්දයි.

ICC Cricket World Cup 2019

Source: Getty Images

2019 එක් දින ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ ඊයේ (12/06) පැවති තරගයෙන් පාකිස්තානය පරදා ලකුණු 41 ක ජයක් ලබාගැනීමට ඔස්ට්‍රේලියාව සමත් විය.

කාසියේ වාසිය දිනූ පාකිස්තානය ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට ඔස්ට්‍රේලියාවට ආරාධනා කළ අතර පන්දුවාර 49 ක් අවසානයේ සියලු දෙනා දැවී ලකණු 307 ක් රැස් කිරීමට ඔවුන් සමත් විය.

එහිදී ඔස්ට්‍රේලියාව වෙනුවෙන් David Warner අගනා ලකුණු 107 ක් ලබාගත් අතර නායක Aaron Finch ලකුණු 82 ක් ලබාගත්තේය.

වේගවත් සහ ස්ථාවර ආරම්භයක් ලබාගත් ඔස්ට්‍රේලියාව කඩුලු 3 කට ලකුණු 223 ක් ලබා ප්‍රබල අවස්ථාවක සිටි නමුත් ඔවුන්ගේ අවසන් කඩුලු 7 ලකුණු 84 කට බිඳ හෙළීමට පාකිස්තානු පන්දු යවන්නෝ සමත් වූහ.

එහිදී පාකිස්තානය වෙනුවෙන් වේග පන්දු යවන ක්‍රීඩක Mohammad Amir ලකුණු 30 කට කඩුලු 5 ක් බිඳ හෙළීය.

ජයග්‍රාහී ලකුණු 308 ක ඉලක්කයක් හඹා යාමට පිළිතුරු ඉනිම ඇරැඹු පාකිස්තානය පන්දු වාර 45 යි පන්දු 4 කදී ලකුණු 266 කට සීමා කිරීමට ඔස්ට්‍රේලියාව සමත් විය. ඉමාම් උල් හක්  පකිස්ථාන කණ්ඩායමේ වැඩිම ලකුනුන් ලාභියා වුනු අතර එය ලකුණු 53 කි. 

ඒ අනුව එම තරගයෙන් ලකුණු  41 ක ජයක් ලබාගැනීමට ඔස්ට්‍රේලියානු කණ්ඩායම සමත් විය.

තරගයේ වීරයා සම්මානය ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ David Warner හට හිමිවිය. ඇෆ්ඝනිස්තාන කණ්ඩායමට එරෙහිව නොදැවී ලකුණු 89ක් සහ ඉන්දිය කණ්ඩායමට එරෙහිව ලකුණු 56 ක් ලබාගත් ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ ඬේවිඞ් වෝනර් පාකිස්තානයට එරෙහිව ඊයේ ලබාගත් ලකුණු 104 සමගින් මෙවර ලෝක කුසලානයේ තරග 4 ක් තුල දී ලකුණු 255 ක් රැස්කරමින් මෙවර ලෝක කුසලාන තරගාවලියේ වැඩිම ලකුණු රැස්කළ පිතිකරුවන් අතර දෙවැනි ස්ථානයේ පසුවෙයි.

මේ තරගය අවසන් වීමත් සමග 2019 එක් දින ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ සමස්ත ප්‍රසාද ලකුණු සටහන පවතින්නේ පහත අයුරිනි.

ICC Cricket World Cup 2019
Source: Google

මේ අතර අද දිනයේ ඉන්දියාව සහ නවසීලන්තය අතර තරගය පැවැත්වීමට නියමිතය.

එම තරගය ඔස්ට්‍රේලියානු නැගෙනහිර සම්මත වේලාවෙන් අද රාත්‍රී 7.30 ට ආරම්භ වේ.


2 min read

Published

Updated

By Madhura Seneviratne



Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now