2019 Big Bash කිරුළ Melbourne Renegades කණ්ඩායමට.

Big Bash League

Source: Twitter/Melbourne Renegades

ඔස්ට්‍රේලියාවේ ප්‍රමුඛතම 20-20 ක්‍රිකට් තරගාවලිය වන  Big Bash League තරගාවලියේ මෙවර ශූරයින් වීමට Melbourne Renegades කණ්ඩායම ඊයේ (17/02) සමත් විය.

Melbourne Renegades  සහ Melbourne Stars කණ්ඩායම් අතර පැවැත්වුණු අවසන් මහා තරගයෙන් ලකුණු 13 ක ජයක් ලබමින් Melbourne Renegades කණ්ඩායම මෙවර Big Bash ශූරයින් බවට පත් විය.

කාසියේ වාසිය දිනූ Melbourne Stars කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට Melbourne Renegades  කණ්ඩායමට ආරාධනා කළේය.

එහිදී නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 5 කට ලකුණු 145 ක් ලබාගැනීමට Melbourne Renegades  කණ්ඩායම සමත් විය.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ Melbourne Stars කණ්ඩායමට පන්දුවාර 20 අවසානයේ කඩුලු 7 කට ලබාගත හැකිවුයේ ලකුණු 132 ක් පමණි.

අවසන් තරගයේ වීරයා බවට Melbourne Renegades කණ්ඩායමේ Daniel Christian පත් විය.


Share

1 min read

Published

By Madhura Seneviratne



Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now