SKIP TO MAIN CONTENT

2019 T10 ක්‍රිකට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකා ක්‍රීඩකයින් 15 දෙනෙකු තෝරා ගනියි

15 Sri Lankan Cricket players has been selected for 2019 T10 league in Abu Dhabi
Source: Wikipedia

1 min read

Published

By Madhura Seneviratne


Skip to article content

ලබන සතියේදී  අබුඩාබි හිදී ආරම්භ වන T10 හෙවත් පන්දුවාර දහයයි දහය ක්‍රිකට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකා ක්‍රීඩකයින් 15 දෙනෙකු තෝරා ගෙන තිබේ.

මෙම තරගාවලිය නොවැම්බර් මස 14 වැනිදා සිට 24 වැනිදා දක්වා අබුඩාබි හී සයීඞ් ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය.

ඒ අනුව ලසිත් මාලිංග, ඇන්ජලෝ මැතිව්ස්, කුසල් පෙරේරා, දසුන් ශානක, භානුක රාජපක්ෂ, නිරෝෂන් දික්වැල්ල, වනිඳු හසරංග, තිසර පෙරේරා, ෂෙහාන් ජයසූරිය, දුෂ්මන්ත චමීර, නුවන් ප්‍රදීප්, අසේල ගුණරත්න, මලින්ද පුෂ්පකුමාර, ප්‍රභාත් ජයසූරිය යන ක්‍රීඩකයින් ද තවමත් ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ වර්ණ ලබා නැති කෙවින් කොත්තිගොඩද මෙම T10 ක්‍රිකට් තරගාවලිය සඳහා තෝරා ගෙන තිබේ.

මෙම තරගාවලිය සඳහා ඛාණ්ඩ 2 ක් යටතේ කණ්ඩායම් 8 ක් තරග වදිනු ඇත.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now