Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE

මනාප වලින් ලංකාවෙන්ම එක මහින්ද, දෙක සරත්, තුන නාලක

2020 General Election Sri Lanka: Preferential votes

Source: 2020 General Election Sri Lanka: Preferential votes

මෙවර මහ මැතිවරණයෙන් වැඩිම මනාප සංඛ්‍යාවක් ලබාගෙන ඇත්තේ අග්‍රාමත්‍ය මහින්ද රාජපක්ෂ මහතා වන අතර කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් තරග වැදුණු ඔහු මනාප 527,364 ක් ලබා ඇත.

ශ්‍රී ලංකාවෙන් දෙවැනියට වැඩිම මනාප ලබා ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයෙන් තරග කළ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ සරත් වීරසේකර මහතාය. ඔහුට මනාප 328,092 හිමිවී තිබේ.

මෙවර මහ මැතිවරණයෙන් තුන්වනුවට වැඩිම මනාප ලබා ඇත්තේ ගම්පහ දිස්ත්‍රික්කයෙන් තරග කළ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ නාලක ගොඩහේවා මහතා වන අතර මනාප 325,479 ක් ඔහුට හිමිවී ඇත.

එක් එක් දිස්ත්‍රික්ක වල පාර්ලිමේන්තුවට තේරී පත්වූ ප්‍රධාන පක්ෂ වල අපේක්ෂකයින් ගේ මනාප ඡන්ද පහත පරිදි වේ.

කොළඹ දිස්ත්‍රිකය

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ (ආසන 12)

  1. සරත් වීරසේකර - 328,092
  2. විමල් වීරවංශ - 267,084
  3. උදය ගම්මන්පිල - 136,331
  4. විජේදාස රාජපක්ෂ - 120,626
  5. බන්දුල ගුණවර්ධන - 101,644
  6. ප්‍රදීප් සමන් කුමාර උඳුගොඩ රූපසිංහගේ - 91,958
  7. දිනේශ් ගුණවර්ධන - 85,287
  8. මධුර විතානගේ - 70,205
  9. ප්‍රේමනාත් සී දොලවත්ත - 69,055
  10. ගාමිණි ලොකුගේ - 62,543
  11. සුසිල් ප්‍රේමජයන්ත් - 50,321
  12. ජගත් කුමාර - 47,693

සමගි ජන බලවේගය (ආසන 06)

  1. සජිත් ප්‍රේමදාස - 305,744
  2. එස්.එම්.මරික්කාර් - 96,916
  3. මුජිබර් රහුමාන් - 87,589
  4. හර්ෂ ද සිල්වා - 82,845
  5. පාඨලි චම්පික රණවක - 65,574
  6. මනෝ ගනේෂන් - 62,091

ජාතික ජන බලවේගය (ආසන 01)

  1. අනුර කුමාර දිසානායක - 49,814

ගම්පහ දිස්ත්‍රික්කය

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ (ආසන 13)

  1. නාලක ගොඩහේවා - 325,479
  2. ප්‍රසන්න රණතුංග - 316,544
  3. ඉන්දික අනුරුද්ධ - 136,297
  4. සිසිර ජයකොඩි - 113,130
  5. නිමල් ලාන්සා - 108,945
  6. ප්‍රදීප් විතාන - 97,494
  7. සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ - 89,329
  8. ප්‍රසන්න රණවීර - 83,203
  9. හර්ෂණී ගුණවර්ධන - 77,922
  10. ලසන්ත අලගියවන්න - 73,061
  11. නලීන් රුවන්ජීව ප්‍රනාන්දු - 69,800
  12. මිලාන් සජිත් ජයතිලක - 68,449
  13. උපුල් මහේන්ද්‍ර රාජපක්ෂ - 67,756

සමගි ජන බලවේගය (ආසන 04)

  1. සරත් ෆොන්සේකා - 110,555
  2. රංජන් රාමනායක - 103,992
  3. හර්ෂණ රාජකරුණා - 73,612
  4. කවින්ද ජයවර්ධන - 52,026

ජාතික ජන බලවේගය (ආසන 01)

  1. විජිත හේරත් - 37,008

කළුතර දිස්ත්‍රික්කය

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ (ආසන 08)

  1. විදුර වික්‍රමනායක - 147,958
  2. රෝහිත අබේගුණවර්ධන - 147,472
  3. සංජීව එදිරිමාන්න - 105,973
  4. පියල් නිශාන්ත - 103,904
  5. ජයන්ත සමරවීර - 100,386
  6. අනුප පස්කුවල් - 97,777
  7. ලලිත් එල්ලාවල - 76,705
  8. මහින්ද සමරසිංහ - 58,514

සමගි ජන බලවේගය (ආසන 02)

  1. රාජිත සේනාරත්න - 77,476
  2. කුමාර වෙල්ගම - 77,083

මහනුවර දිස්ත්‍රික්කය

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ (ආසන 08)

  1. දිලුම් අමුණුගම - 171,758
  2. මහින්දානන්ද අලුත්ගමගේ - 161,471
  3. ලොහාන් රත්වත්ත - 140,917
  4. අනුරාධ ජයරත්න - 140,798
  5. කෙහෙළිය රඹුක්වැල්ල - 110,832
  6. වසන්ත යාපා බණ්ඩාර - 108,940
  7. ගුණතිලක රාජපක්ෂ - 49,317
  8. උදයන චාමින්ද කිරිඳිගොඩ - 39,904

සමගි ජන බලවේගය (ආසන 04)

  1. රවුෆ් හකීම් - 83,398
  2. අබ්දුල් හලීම් - 71,063
  3. එම්. වේලුකුමාර් - 57,445
  4. ලක්ෂ්මන් කිරිඇල්ල - 52,311

රත්නපුර දිස්ත්‍රික්කය

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ (ආසන 08)

  1. පවිත්‍රා වන්නිආරච්චි -  200,977
  2. ප්‍රේමලාල් ජයසේකර - 104,237
  3. ජානක වක්කුඹුර - 101,225
  4. ගාමිණී වලේබොඩ - 85,840
  5. අකිල එල්ලාවල -71,179
  6. වාසුදේව නානායක්කාර - 66,991
  7. මුදිතා ප්‍රිශාන්ති - 65,923
  8. ජෝන් සෙනෙවිරත්න  -  61,612

සමගි ජන බලවේගය (ආසන 03)

  1. හේෂාන් විජය  විතානගේ  -  60,426
  2. වරුණ ප්‍රියන්ත ලියනගේ - 47,494
  3. තලතා අතුකෝරල  - 45,105

හම්බන්තොට දිස්ත්‍රික්කය

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ (ආසන 06)

  1. නාමල් රාජපක්ෂ - 166,660
  2. ඩී.වී. චානක - 128,805
  3. මහින්ද අමරවීර - 123,730
  4. චමල් රාජපක්ෂ - 85,330
  5. වෛද්‍ය උපුල් ගලප්පත්ති - 63,369
  6. අජිත් රාජපක්ෂ - 47,375

සමගි ජන බලවේගය (ආසන 01)

  1. දිලිප් වෙදආරච්චි 25,376

මාතර දිස්ත්‍රික්කය

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ (ආසන - 06)

  1. නිපුන රණවක - 131,010
  2. කරුණාදාස කොඩිතුවක්කු - 114,319
  3. ඩලස් අලහප්පෙරුම - 103,534
  4. කාංචන විජේසේකර - 96,033
  5. මහින්ද යාපා අබේවර්ධන - 80,595
  6. වීරසුමන වීරසිංහ - 77,968

සමගි ජන බලවේගය (ආසන - 01)

  1. බුද්ධික පතිරණ - 44,839

ගාල්ල දිස්ත්‍රික්කය

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ (ආසන - 07)

  1. වෛද්‍ය රමේෂ් පතිරණ - 205814
  2. සම්පත් අතුකෝරළ - 128331
  3. මොහාන් පී. ද සිල්වා 111626
  4. චන්දිම වීරක්කොඩි - 84984
  5. ඉසුරු දොඩංගොඩ - 71246
  6. ශාන් විජේලාල් ද සිල්වා - 67,793
  7. ගීතා කුමාරසිංහ - 63,358

සමගි ජන බලවේගය (ආසන - 02)

  1. ගයන්ත කරුණාතිලක - 50,097
  2. මනූෂ නානායක්කාර - 47,399

අනුරාධපුර දිස්ත්‍රික්කය

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ  (ආසන 07)

  1. එස්. එම්. චන්ද්‍රෙස්න - 139,368
  2. චන්න ජයසුමන - 133,980
  3. උද්දික ප්‍රේමරත්න - 133,550
  4. ශෙහාන් සේමසිංහ - 119,878
  5. දුමින්ද දිසානායක - 75,535
  6. එච් නන්දසේන - 53,618
  7. කේ. පී. එස් කුමාරසිරි - 49,030

සමගි ජන බලවේගය (ආසන 02)

  1. ඉෂාක් රහුමාන් - 49,290
  2. රෝහණ බණ්ඩාර - 39,520

පොළොන්නරුව දිස්ත්‍රික්කය

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ (ආසන 04)

  1. මෛත්‍රීපාල සිරිසේන - 1,11,137
  2. රොෂාන් රණසිංහ - 90,615
  3. සිරිපාල ගම්ලත් - 67,917
  4. අමරකීර්ති අතුකෝරල - 45,939

සමගි ජන බලවේගය (ආසන 01)

  1. කිංස් නෙල්සන් 22,392

මොනරාගල දිස්ත්‍රික්කය

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ (ආසන 05)

  1. ශෂීන්ද්‍ර රාජපක්ෂ - 104,729
  2. කුමාරසිරි රත්නායක - 91,530
  3. විජිත බේරුගොඩ - 68,984
  4. ජගත් පුෂ්පකුමාර - 66,176
  5. ගයාෂාන් නවනන්ද - 45,384

සමගි ජන බලවේගය (ආසන 01)

  1. ධර්මසේන විජේසිංහ 20,662

මාතලේ දිස්ත්‍රික්කය

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ (ආසන 04)

  1. ජනක බණ්ඩාර තෙන්නකෝන් - 73,296
  2. නාලක බණ්ඩාර කෝට්ටේගොඩ - 71,404
  3. ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් - 67,776
  4. රෝහණ දිසානායක - 50,368

සමගි ජන බලවේගය (ආසන 01)

  1. රෝහිණි කුමාරි කවිරත්න - 27,587

කෑගල්ල දිස්ත්‍රික්කය

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ (ආසන 07)

  1. කනක හේරත් - 128,592
  2. රංජිත් සියඹලාපිටිය - 103,300
  3. තාරක බාලසූරිය - 96,763
  4. රාජිකා වික්‍රමසිංහ - 68,802
  5. දුෂ්මන්ත මිත්‍රපාල - 58,306
  6. සුදත් මංජුල - 45,970
  7. උදයකාන්ත ගුණතිලක - 46,628

සමගි ජන බලවේගය (ආසන 02)

  1. කබීර් හෂීම් - 58,716
  2. සුජිත් සංජය - 28,082

බදුල්ල දිස්ත්‍රික්කය

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ (ආසන 06)

  1. නිමල් සිරිපාල ද සිල්වා - 1,41,901
  2. සුදර්ශන දෙනිපිටිය - 71,766
  3. තේනුක විදානගමගේ - 68,338
  4. චාමර සම්පත් දසනායක - 66,393
  5. ඩිලාන් පෙර්රා - 53,081
  6. ජානක තිස්සකුට්ටිආරච්චි - 50,151

සමගි ජන බලවේගය (ආසන 03)

  1. වඩිවේලු  සුරේෂ් - 49,762
  2. ඒ. අරවින්දකුමාර් - 45,491
  3. චමින්ද විජේසිරි - 36,291

නුවරඑළිය දිස්ත්‍රික්කය

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ (ආසන 05)

  1. ජීවන් තොණ්ඩමන් - 109,155
  2. සී.බී රත්නායක - 70,871
  3. එස්.බී.දිසානායක - 66,045
  4. මරදපාණ්ඩි රාමේෂ්වරන් - 57,902
  5. නිමල් පියතිස්ස - 51,225

සමගි ජන බලවේගය (ආසන 03)

  1. පලනි දිගම්බරන් - 83, 392
  2. වේලුසාමි රාධක්‍රිෂ්ණන් - 72,167
  3. එම්. උදයකුමාර් - 68,119

පුත්තලම දිස්ත්‍රික්කය

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ (ආසන - 05)

  1. සනත් නිශාන්ත පෙරේරා - 80,082
  2. ප්‍රියංකර ජයරත්න - 74,425
  3. අරුන්දික ප්‍රනාන්දු - 70,892
  4. චින්තක අමල් මායාදුන්න - 46,058
  5. අශෝක ප්‍රියන්ත - 41,612

සමගි ජන බලවේගය (ආසන - 02)

  1. හෙක්ටර් අප්පුහාමි - 34,127
  2. නිරෝෂන් පෙරේරා - 31,636

මුස්ලිම් ජාතික සන්ධානය (ආසන - 01)

  1. අබ්දූල් අලි සබ්රි - 33,509

කුරුණෑගල දිස්ත්‍රික්කය

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ (ආසන - 11)

  1. මහින්ද රාජපක්ෂ - 527,364
  2. ජොන්ස්ටන් ප්‍රනාන්දු - 199,203
  3. ගුණපාල රත්නසේකර - 141,991
  4. දයාසිරි ජයසේකර - 112,452
  5. අසංක නවරත්න - 82,779
  6. සමන්ප්‍රිය හේරත් - 66,814
  7. ඩී.බී.හේරත් - 61,954
  8. අනුර ප්‍රියදර්ශන යාපා - 59,696
  9. ජයරත්න හේරත් - 54,351
  10. ශාන්ත බණ්ඩාර - 52,086
  11. සුමිත් උඩුකුඹුර - 51,134

සමගි ජන බලවේගය (ආසන - 04)

  1. නලින් බණ්ඩාර - 75,631
  2. ජේ.සී.අලවතුවල - 65,956
  3. අශෝක් අබේසිංහ - 54,512
  4. තුෂාර ඉඳුනිල් - 49,364

මඩකලපුව දිස්ත්‍රික්කය

ඉලංගෙයි තමිල් අරසු කච්චි (ආසන - 02)

  1. සානක්‍ය රාහුල් - 33,332
  2. කෝවින්දන් කරුණාගරන් - 26, 382

තමිල් මක්කල් විඩුතලෙයි පුලිහල් (ආසන - 01)

  1. සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් - 54,198

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ (ආසන - 01)

  1. එස්. වියාලේන්ද්‍රන් - 22,218

ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය (ආසන - 01)

  1. අහමඩ් සෙයිනුලාබ්දීන් නසීර් - 17,599

දිගාමඩුල්ල දිස්ත්‍රික්කය

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ (ආසන - 03)

  1. විමලවීර දිසානායක - 63,594
  2. ඩී සී වීරසිංහ - 56,006
  3. තිලක් රාජපක්ෂ - 54,203

සමගි ජන බලවේගය (ආසන - 02)

  1. එච්. එම්. එම් හාරිස් - 36,850
  2. ෆයිසාල් කාසිම් - 29,423

ජාතික කොංග්‍රසය (ආසන - 01)

  1. ඒ. එල්. එම් අතාවුල්ලා - 35,697

සමස්ත ලංකා මුස්ලිම් කොංග්‍රසය (ආසන - 01)

  1. මොහොමඩ් මුෂ්රාෆ් -18,389

ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය

සමගි ජන බලවේගය (ආසන - 02)

  1. එම්.එස් තවුෆීක් - 43, 759
  2. ඉම්රාන් මහරූෆ් - 39,029

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ (ආසන 01)

  1. කපිල නුවන් අතුකෝරළ - 30, 056

ඉලංකෙයි තමිල් අරසු (ආසන 01)

  1. ආර්.සම්බන්ධන් - 21, 422

වන්නි දිස්ත්‍රික්කය

ඉලංකෙයි තමිල් අරසු කච්චි (ආසන - 03)

  1. චාල්ස් නිර්මලනාදන් - 25, 668
  2. සෙල්වම් අඩෙක්කලනාදන් - 18, 563
  3. එස්.යෝහරාජලිංගම් - 15,180

සමගි ජන බලවේගය (ආසන - 01)

  1. අබ්දුල් රිෂාඩ් බදියුදීන් - 28, 203

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ (ආසන - 01)

  1. කාදර් මස්තාන් - 13, 454

ඊලම් ජනතා ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය (ආසන - 01)

  1. කුලසිංහම් දිලීපන් 3203

යාපනය දිස්ත්‍රික්කය

ඉලංකෙයි තමිල් අරසු කච්චි (ආසන - 03)

  1. සිවඥානම් ශ්‍රීධරන් - 35,884
  2. එම්.ඒ සුමන්තිරන් - 27, 834
  3. ධර්මලිංගම් සිද්ධාර්ථන් - 23,840

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය (ආසන - 01)

  1. අංගජන් රාමනාදන් - 36,365

අහිල ඉලන්කෙයි තමිල් කොංග්‍රස් (ආසන - 01)

  1. ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බලම් - 31,658

ඊලාම් ජනතා ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය (ආසන - 01)

  1. ඩග්ලස් දේවානන්ද - 32, 146

තමිල් මක්කල් තේසීය කූට්ටනි (ආසන - 01)

  1. සී.වී. විග්නේෂ්වරන් - 21,554
Sinhalese
Source: SBS Sinhala

7 min read

Published

Updated

By Madhura Seneviratne


Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now