SKIP TO MAIN CONTENT

2020 ICC T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ නිල කාලසටහන එළිදක්වයි.

ICC T20 World Cup
Australia wins the ICC T20 World Cup 2021. Source: Getty Images

1 min read

Published

By Madhura Seneviratne


Skip to article content

ලබන වසරේ ඔස්ට්‍රේලියාවේදී පැවැත්වෙන ICC T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ නිල කාලසටහන පසුගියදා ICC ය විසින් එළිදක්වනු ලැබීය.

එහිදී කණ්ඩායම් 12 ක් ඛාණ්ඩ දෙකකින් තරග වදින අතර කණ්ඩායම් 8 ක් නිතරගයෙන්  ICC T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ මූලික වටයට සුදුසුකම් ලබා ඇත.

නමුත් ටෙස්ට් වරම් හිමිකරගත් රටවල් ලෙස ශ්‍රී ලංකාව ඇතුළුව බංග්ලාදේශය මෙවර  ICC T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ මූලික වටයට ඇතුළු වීම සඳහා සුදුසුකම් ලැබීමේ තරග වලට සහභාගී වී ඒවා ජයගත යුතුව තිබේ.

පළමු ඛාණ්ඩය සඳහා නිතරගයෙන් සුදුසුකම් ලැබූ කණ්ඩායම්

පාකිස්තානය

ඔස්ට්‍රේලියාව

බටහිර ඉන්දීය කොදෙව් දූපත්

නවසීලන්තය

දෙවැනි ඛාණ්ඩය සඳහා නිතරගයෙන් සුදුසුකම් ලැබූ කණ්ඩායම්

ඉන්දියාව

එංගලන්තය

දකුණු අප්‍රිකාව

ඇෆ්ගනිස්ථානය

ICC T20 World Cup
Qualifier matches for Sri Lanka - ICC T20 World Cup Source: Facebook

සුදුසුකම් ලැබීමේ තරග 2020 ඔක්තෝබර් 18 වන දින ආරම්භ වන අතර මෙහි පළමු වටයේ තරග 2020 ඔක්තෝබර් 24 වන දින ආරම්භ වේ.

පළමු වටයේ පළමු තරගය පැවැත්වෙන්නේ සත්කාරක ඔස්ට්‍රේලියාව සහ දැනට 20-20 තරග රටාවේ ඉහලින්ම සිටින කණ්ඩායම වන පාකිස්තානය අතරය.

ශ්‍රී ලංකාව සහභාගී වන සුදුසුකම් ලැබීමේ තරග 2020 ඔක්තෝබර් 18, 20 හා 22 යන දිනවල Geelong හි Kardinia Park හිදී පැවැත්වේ.

2020 ICC T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසාන මහා තරගය 2020 නොවැම්බර් 15 වන දින මෙල්බර්න් ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී පැවැත්වේ.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now