පාස්කු ඉරුදින ශ්‍රී ලංකාවට එල්ලවූ බෝම්බ ප්‍රහාර සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට පත් කළ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව ඊයේ (29*/05) උදෑසන රැස් විය.
මෙම පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව පාස්කු ඉරුදින ප්‍රහාරය පිළිබඳව මෙන්ම ඊට අදාලව විවිධ පාර්ශ්ව වලට එල්ල වන චෝදනා සම්බන්ධයෙන් සොයා බලා පාර්ලිමේන්තුවට වාර්තා කිරීම සිදුකරනු ඇත.
ඒ අනුව ඊයේ දිනයේදී ශ්‍රී ලංකාවේ වත්මන් ආරක්ෂක ලේකම් විශ්‍රාමික ජනරාල් ශාන්ත කෝට්ටේගොඩ මහතා සහ රාජ්‍ය බුද්ධි ප්‍රධානී විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පති සිසිර මෙන්ඩිස් මහතා මෙම පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවේ සාක්ෂි ලබාදුන්නේය.
ශ්‍රී ලංකාවේ අවාසාන වරට ආරක්ෂක මණ්ඩල රැස්වීම පැවැත්වුණේ පෙබරවාරි මස 19 වන දින බවත් රටේ ස්ථාන කිහිපයක ප්‍රහාර මාලාවක් සිදුවිය හැකි බවට ලැබුණු බුද්ධි තොරතුරු සම්බන්ධයෙන් අප්‍රේල් 09 වනදා වනවිට ආරක්ෂක ලේකම්වරයා සහ පොලිස්පතිවරයා දැනුවත් කිරීමෙන් පසුවද ත්‍රස්ත ප්‍රහාරය එල්ල වනතෙක් ආරක්ෂක කවුන්සිලයේ රැස්වීමක් කැඳවූයේ නැති බවත් ජාතික බුද්ධි ප්‍රධානී සිසිර මෙන්ඩිස් මහතා එහිදී අනාවරණ කළේය.

