SKIP TO MAIN CONTENT

ශ්‍රී ලංකාවේ 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පතට එරෙහිව තවත් පෙත්සම් 21 ක්

Supreme Court of Sri Lanka
Supreme Court of Sri Lanka Source: Wikipedia

1 min read

Published

By Madhura Seneviratne


Skip to article content

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණු 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණයට ඊයේ දිනයේත් පෙත්සම් 21 ක් ඉදිරිපත් කෙරුණි.

මැතිවරණ කොමිසමේ සාමාජික මහාචාර්ය රත්නජීවන් හූල්, එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් අකිල විරාජ් කාරියවසම්, එම පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන සහ සමගි ජනබලවේගයේ තරුණ සංවිධානයේ සභාපති මයන්ත දිසානායක ඇතුළු පිරිසක් ඊයේ දිනයේදී පෙත්සම් ගොනු කළ බව වාර්තා වේ.

එම පෙත්සම්වල වගඋත්තරකරු ලෙස නීතිපතිවරයා නම් කර තිබේ.

ඒ අනුව, මේ වනවිට 20 වන සංශෝධනයට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කර ඇති මුළු පෙත්සම් සංඛ්‍යාව 39 කි.

මෙම පෙත්සම් අද දින (29/09) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ සලකා බැලීමට නියමිතය.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now