ලෝක ක්‍රිකට් ඉතිහාසයේ හදවත නතර කළ අවසන් මහා තරගයකින් අනතුරුව එංගලන්තය ප්‍රථම වරට ලෝක ක්‍රිකට් කිරුළ හිමි කරගනියි.

ICC Cricket World Cup 2019

Source: Getty Images

2019 එක් දින ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ ඊයේ (14/07) එංගලන්තයේ ලෝඩ්ස් ක්‍රීඩාංගනයේදී පැවති අවසන් මහා තරගයෙන් නවසීලන්තය පරාජයට පත් කරමින් එංගලන්තය එක් දින ක්‍රිකට් ලෝක කුසලානය හිමි කරගත්තේය.

ඒ අනුව වසර 44 ක ක්‍රිකට් ලෝක කුසලාන ඉතිහාසයේ ප්‍රථම වරට එක් දින ක්‍රිකට් ලෝක කුසලානයක පහස විඳීමට එංගලන්තයට හැකියාව ලැබිණි.

මේ අතර එක් දින ක්‍රිකට් ලෝක කුසලාන ඉතිහාසයේ අතිශය උණුසුම් ම අවසන් මහා තරගය ලෙසද ඊයේ පැවති අවසන් මහා තරගය හැඳින්වේ.

ICC Cricket World Cup 2019
Source: Getty Images

කාසියේ වාසිය දිනූ නවසීලන්තය ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට තීරණය කළ අතර නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 8 කට ලකුණු 241 ක් රැස් කිරීමට සමත් විය.

නවසීලන්තය වෙනුවෙන් Henry Nicholls ලකුණු 55 ක් ලබාගත්තේය.

ජයග්‍රාහී ලකුණු 242 ක ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි එංගලන්ත කණ්ඩායමට නියමිත පන්දුවාර 50 අවසානයේ සියලු දෙනා දැවී ලබාගැනීමට හැකි වුයේ ද ලකුණු 241 ක් බැවින් තරගය සම ලකුණු වලින් අවසන් විය.

ඉන් අනතුරුව දෙපිළටම සුපිරි පන්දු වාරය බැගින් ලැබුණු අතර එංගලන්තය තම සුපිරි පන්දු වාරයේදී ලකුණු 15 ක් ලබාගත්තේය.

ඉන් අනතුරුව නවසීලන්තයද තම සුපිරි පන්දු වාරයේදී ලකුණු 15 ක් ලබාගත් හෙයින් නැවතත් තරගය සම තත්ත්වයෙන් අවසන් විය.

කෙසේනමුත් සමස්ත තරගයේම වැඩිම හතරේ පහර සංඛ්‍යාවක් එල්ල කිරීමේ මිනුම් දණ්ඩ මත අවසානයේදී එංගලන්තයට මෙවර එක් දින ක්‍රිකට් ලෝක කුසලානය හිමි විය.

ICC Cricket World Cup 2019
Source: AFP

එංගලන්ත පිල වෙනුවෙන් නොදැවී සුපිරි ඉනිමක් ක්‍රීඩා කළ Ben Stokes තරගයේ වීරයා සම්මානය හිමි කරගත්තේය.

ඔහු හයේ පහර දෙකක් සහ හතරේ පහර පහක් සමගින් පන්දු 98 කදී ලකුණු 84 ක් නොදැවී ලබාගැනීමට සමත් විය.

මේ අතර නවසීලන්ත නායක Kane Williamson තරගාවලියේ වීරයා සම්මානය හිමි කරගත්තේය.

මීළඟ එක් දින ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලිය 2023 වසරේදී ඉන්දියාවේදී පැවැත්වීමට තීරණය කර ඇත.

ICC Cricket World Cup 2019
Source: SBS Sinhala

2 min read

Published

By Madhura Seneviratne



Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now