SKIP TO MAIN CONTENT

ශ්‍රී ලංකාවෙන් නව කොරෝනා ආසාදිතයින් 211ක්

Corona
Source: Pixabay

1 min read

Published

Updated

By Nipuna Dodangoda


Skip to article content

ඊයේ දිනයේදී ශ්‍රී ලංකාවෙන් නව කොරෝනා අසධිතයින් 211 දෙනෙකු හඳුනාගෙන තිබේ. ඉන් රෝගීන් 202 දෙනෙකු මිනුවන්ගොඩ සහ පෑලියගොඩ කොරෝනා පොකුරට සම්බන්ධ වන අතර සෙසු 09 දෙනා නිරෝධායන මධ්‍යස්ථාන මගින් හඳුනාගත් බව රජයේ ප්‍රවුත්ති දෙපාර්තමේන්තුව පවසයි.

මේ අනුව ශ්‍රී ලංකාවෙන් වාර්තා වන සමස්ත කොරෝනා අසධිතයින්ගේ සංක්‍යාව 5607 දක්වා ඉහල ගොස් ඇති අතර මේ වනවිට සුවය ලැබූ සංක්‍යාව 4075 ක් ලෙස වාර්තා වේ.

මේ අතර අද මධ්‍යම රාත්‍රියේ සිට සමස්ත බස්නාහිර පළාතටම බලපැවැත්වෙනපරිදි ඇඳිරිනීතිය පැනවේ

නොවැම්බර් මස 2 වැනිදා අලුයම 5 දක්වා මෙම නිරෝධායන ඇඳිරිනීතිය බලපැවැත්වෙන නමුත් මේ වනවිට ඇඳිරිනීතිය බලපැවැත්වෙන ප්‍රදේශ වලට මෙම ඇඳිරිනීතිය නොවැම්බර් මස 2 වැනිදා ඉවත් කිරීමක් සිදු නොවන බව COVID-19 වැළක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය අවධාරණය කර සිටී


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now