2019 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම ශ්‍රී ලංකාවෙන් පිටත්ව යයි.

Departure of Sri Lanka Team to the ICC Cricket World Cup 2019

Source: YouTube

2019 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය මෙන්ම ස්කොට්ලන්ත තරගාවලිය සඳහා ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම ශ්‍රී ලංකාවේ වේලාවෙන් ඊයේ රාත්‍රියේ දී පිටත්ව ගියේය.

මෙවර ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට පෙර ශ්‍රී ලංකා කණ්ඩායම ස්කොට්ලන්තය සමග එක් දින තරග දෙකකට ස්කොට්ලන්තයේදී මුහුණ දීමට නියමිතය.

එහි පළමු එක් දින තරගය එළඹෙන මැයි 18 වන දිනත් දෙවැනි එක් දින තරගය මැයි 21 වන දිනත් පැවැත්වේ.

ඉන් අනතුරුව ශ්‍රී ලංකා කණ්ඩායම 2019 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා එංගලන්තයට යාමට නියමිතය.

ලෝක කුසලාන තරගාවලිය ආරම්භ වීමට පෙර ශ්‍රී ලංකාවට පුහුණු තරග දෙකකට මුහුණ දීමට සිදුවෙයි.

ඒ අනුව පළමු පුහුණු තරගය දකුණු අප්‍රිකාව සමග මැයි 24 වන දිනත් දෙවැනි පුහුණු තරගය ඔස්ට්‍රේලියාව සමග මැයි 27 වන දිනත් පැවැත්වේ.

2019 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව මුහුණ දෙන පළමු තරගය නවසීලන්තය සමග ජුනි මස 01 වන දින ආරම්භ වීමට නියමිතය.


1 min read

Published

By Madhura Seneviratne


Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now