SKIP TO MAIN CONTENT

ශ්‍රී ලංකාවේ 2020 ජනාධිපතිවරණයට එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂකයා පිළිබඳ මත දෙකක්.

UNP has 2 opinions about 2020 Presidential candidate.
Source: UNP

1 min read

Published

By Madhura Seneviratne


Skip to article content

2020 වසරේදී ශ්‍රී ලංකාවේ පැවත්වෙන ජනාධිපතිවරණය සඳහා එක්සත් ජාතික පක්ෂය විසින් ඉදිරිපත් කරන අපේක්ෂකයා පිළිබඳ මත දෙකක් ප්‍රකාශ වී තිබේ.

රජයේ ප්‍රවෘති දෙපාර්තමේන්තුවේ ඊයේ (10/05) පැවති මාධ්‍ය හමු දෙකකදී  සම කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න මහතා සහ එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා විසින්  2020 එක්සත් ජාතික පක්ෂ ජනාධිපති අපේක්ෂයා පිළිබඳ මෙම පරස්පර මත දෙක ඉදිරිපත් කර තිබේ.

අගමැති රනිල් වික්‍රමසිංහ මහතා මැයි දිනයට පසු තමා සමඟ සාකච්ඡා කළ බවත් එහිදී පොදු අපේක්ෂකයෙක් සම්බන්ධයෙන් පැවසූ බවත් සම කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පැවසීය.

මේ අතර 2020 ජනාධිපතිවරණය සඳහා එක්සත් ජාතික පක්ෂයෙන් අපේක්ෂකයෙක් ඉදිරිපත් කරන බව එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා ප්‍රකාශ කර සිටියේය.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now