Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE

21 වැනි පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල අද සිට ඕස්ට්‍රේලියාවේ ගෝල්ඩ් කෝස්ට් නුවරදී (SBS සිංහල / වාර්තා)

21 වැනි පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ සමාරම්භක උළෙල අද (අප්‍රේල් 04) ඕස්ට්‍රේලියානු නැගෙනහිර සම්මත වේලාවෙන් (AEST) රාත්‍රී 7ට ගෝල්ඩ් කෝස්ට් හී Carrara ක්‍රීඩාංගනයේදී ආරම්භ වීමට නියමිතයි.

A Commonwealth games sign visible at the Media Centre at the Commonwealth Games 2018 in Gold Coast

Source: Ben Booth/SOPA Images/LightRocket via Getty Images

21 වැනි පොදු රාජ්‍ය  මණ්ඩලීය ක්‍රීඩා උළෙල අද (අප්‍රේල් 04) සිට ඕස්ට්‍රේලියාවේ ගෝල්ඩ් කෝස්ට් නුවරදී ආරම්භ වීමට නියමිතයි. මෙය ඕස්ට්‍රේලියාවේදී  පවැත්වෙන 5 වැනි පොදු රාජ්‍ය  මණ්ඩලීය ක්‍රීඩා උළෙල වන අතර පළමු වතාවට ඕස්ට්‍රේලියාවේදී  පොදු රාජ්‍ය  මණ්ඩලීය ක්‍රීඩා උළෙලක් පවත්වා තිබෙන්නේ 1938 දී. ඒ සිඩ්නි නුවරදී. ඉන් අනතුරුව 1962දී  පර්ත් නුවරදීත්, 1982 වසරේ බ්‍රිස්බෙන්හිදීත් 2006 වසරේ මෙල්බර්න් හීදීත් පොදු රාජ්‍ය  මණ්ඩලීය ක්‍රීඩා උළෙල සංවිධානය වී තිබේ.

1930 වසරේ කැනඩාවේදී පැවති British Empire Games  පොදු රාජ්‍ය  මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ ආරම්භය වන අතර, එදා රටවල් 11ක  ක්‍රීඩක ක්‍රීඩිකාවන් 400කගේ සහභාගීත්වයෙන්  පැවති  ක්‍රීඩා උළෙල අද සංවිධානය වන්නේ රටවල් 71ක ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහ නිලධාරීන් 6600ක සහභාගීත්වයෙන්.

ක්‍රීඩා උළෙල පැවැත්වෙන වකවානුව තුල ගෝල්ඩ් කෝස්ට් නුවරට දැඩි ආරක්ෂාවක්.

පොදු රාජ්‍ය  මණ්ඩලීය ක්‍රීඩා උළෙල පැවැත්වෙන වකවානුව තුල ගෝල්ඩ් කෝස්ට් නුවරදට දෙස් විදෙස් සංචාරකයින් 672,000කට ආසන්න  පිරිසක් පැමිණෙනු ඇතැයි  ක්‍රීඩා උළෙලේ සංවිධායකයින්ගේ අපේක්ෂාව වී තිබේ. තරගාවලියට නැරබීමට පැමිණෙන අයගේ, ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කර ඇති අතර, නවීන තාක්ෂනයෙන් යුත් යුධ ගුවන් යානා, Drone Guns වැනි නවීන යුධ උපාංග වලින් සන්නද්ධ වූ ආරක්ෂක නිලධාරීන් පිරිසක් මේ සදහා අනුයුක්ත කර ඇති බව මාධ්‍ය වාර්තා සදහන් කරයි. ක්වීන්ස්ලන්ත පොලීසියට  අමතරව ඕස්ට්‍රේලියානු ආරක්ෂක බලකායද (Australian Defence Force (ADF)) මෙවර පොදු රාජ්‍ය  මණ්ඩලීය ක්‍රීඩා උළෙලට ආරක්ෂාව සැපයීමේ ක්‍රියාවලියට එක් වන අතර, ක්‍රීඩා උළෙලේ තරග බොහොමයක් පැවැත්වෙන ගෝල්ඩ් කෝස්ට් ප්‍රධාන නගරයේ ආරක්ෂක කටයුතු සදහා 3000ක  අමතර ආරක්ෂක නිලධාරීන් පිරිසක් යෙදවීමට පියවර ගෙන ඇති බව වැඩි දුරටත් සදහන්.

ඕස්ට්‍රේලියාවෙන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 400 කට අධික පිරිසක්

Mark Knowles
Kookaburras captain Mark Knowles will be Australia's flagbearer at the 2018 Commonwealth Games. (AAP) Source: AAP

මෙවර පොදු රාජ්‍ය  මණ්ඩලීය ක්‍රීඩා උළෙලට සත්කාරක ඕස්ට්‍රේලියාව  නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 470කට ආසන්න  පිරිසක සහභාගිවීමට නියමිත බව සදහන්. තවද ගෝල්ඩ් කෝස්ට් නුවරදී ආරම්භ වන පොදු රාජ්‍ය  මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ සමාරම්භක උළෙලේදී ඕස්ට්‍රේලියානු ධජය රැගෙන ගමන් කිරීමේ ගෞරවය හිමිව තිබෙන්නේ ඕස්ට්‍රේලියානු හොකී  කණ්ඩායමේ නායක Mark Knowles හටයි.

ක්වීන්ස්ලන්ත ප්‍රාන්ත වාසී, කඩුලු  මතින්  පැන දිවීමේ ශුරියක් වන සැලී  පියර්සන් හට මෙම අවසථාව හිමි වනු ඇති බව බොහෝ දෙනෙකුගේ අනුමානය වුවත් සමාරම්භක උළෙලේදී ඕස්ට්‍රේලියානු ධජය රැගෙන ගමන් කිරීමේ ගෞරවය හිමිවන්නේ   34 හැවිරිදි හොකී  ක්‍රීඩක  Mark Knowles හටයි.

2014 පැවති  පොදු රාජ්‍ය  මණ්ඩලීය ක්‍රීඩා උළෙලේදී ඕස්ට්‍රේලියානු කණ්ඩායමට රන් පදක්කම් 49ක් සමගින් පදක්කම් සටහනේ දෙවැනි ස්ථානය හිමි වූ අතර, 2006 වසරේ මෙල්බර්න් පොදු රාජ්‍ය  මණ්ඩලීය ක්‍රීඩා උළෙලේදී රන් පදක්කම් 84ක් සමගින් පදක්කම් සටහනේ පෙරමුණ ගන්නට ඕස්ට්‍රේලියාව සමත් විය. මෙවරත් සත්කාරක රට වශයෙන් ඕස්ට්‍රේලියාව  පදක්කම් සටහනේ පෙරමුණ ගනු ඇතැයි  ඕස්ට්‍රේලියානු ක්‍රීඩා ලෝලීන්ගේ බලාපොරොත්තුව වී තිබේ.

ශ්‍රී ලංකා කණඩායමේ නායකත්වය චින්තන ගීතාල් විදානගේ හට

Chinthana Geethal Vidanage
Chinthana Geethal Vidanage Source: Chinthana

මෙවර පොදු රාජ්‍ය  මණ්ඩලීය ක්‍රීඩා උළෙල සදහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 81 දෙනෙකු මේ වන විට ගෝල්ඩ් කෝස්ට් නුවරට පැමිණ සිටින අතර ශ්‍රී ලංකා කණඩායමේ නායකත්වය හිමිව තිබෙන්නේ බර ඉසිලීමේ ක්‍රීඩක චින්තන ගීතාල් විදානගේ හටයි.

ක්‍රීඩක ක්‍රීඩිකාවන් 4500කට අධික පිරිසක්

මෙවර පොදු රාජ්‍ය  මණ්ඩලීය ක්‍රීඩා උළෙලේදී ක්‍රීඩක ක්‍රීඩිකාවන් 4500කට අධික පිරිසක් රන්පදක්කම් 275ක් සදහා තරග බිමට පිවිසීමට නියමිතයි.

ක්‍රීඩා උළෙලේ ක්‍රීඩා ඉසව්වන්  අද (අප්‍රේල් 04) සිට අප්‍රේල් 15 දක්වා ගෝල්ඩ් නුවර ආශ්‍රිත විවිධ ක්‍රීඩා මධ්‍යස්ථාන 17කදී පැවැත්වීමට නියමිතයි.

සමාරම්භක උළෙල අද Carrara ක්‍රීඩාංගනයේදී

The Carrara Stadium and the Carrara Sports and Leisure Centre
Gold Coast Commonwealth Games' organisers have reassured patrons next year's event will be safe. (AAP) Source: AAP

21 වැනි පොදු රාජ්‍ය  මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ සමාරම්භක උළෙල අද (අප්‍රේල් 04) ඕස්ට්‍රේලියානු නැගෙනහිර සම්මත වේලාවෙන් (AEST) රාත්‍රී 7ට ගෝල්ඩ් කෝස්ට් හී Carrara ක්‍රීඩාංගනයේදී  ආරම්භ වීමට නියමිතයි.


3 min read

Published

Updated

By Sanjaya Dissanayake



Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now