SKIP TO MAIN CONTENT

විදේශ විරුද්ධවාදී ඔත්තු සේවා වලින් ඔස්ට්‍රේලියාවේ කටයුතු වලට සිදුවන මැදිහත්වීම් වළකාලීමට නව පනතක්.

foreign interference law
Source: AAP

1 min read

Published

By Madhura Seneviratne

Source: SBS News


Skip to article content

විදේශ විරුද්ධවාදී ඔත්තු සේවා වලින් ඔස්ට්‍රේලියාවේ මැතිවරණ වලට සහ දේශපාලනික තීරණ වලට සිදුවන මැදිහත්වීම් වලක්වාගැනීමට අදාළ පනතක් පක්ෂ විපක්ෂ සහය ඇතිව ඔස්ට්‍රේලියානු මධ්‍යම පාර්ලිමේන්තුවේදී සම්මත විය.

ඔස්ට්‍රේලියාවේ ආරක්ෂක, ආර්ථික සහ බලශක්ති පද්ධතිය සම්බන්ධ රහස්‍ය තොරතුරු වලට ඇතැම් විදෙස් රටවල් අත පෙවීමට උත්සාහ දරමින් සිටින බව සැලවීමෙන් අනතුරුව මෙවැනි ක්‍රියාමාර්ගයකට එළඹුණු බව රජය පවසයි.

ඒ අනුව ඔත්තු සේවා, විදේශ මැදිහත්වීම්, කඩාකප්පල් ක්‍රියාමාර්ග මෙන්ම රාජද්‍රෝහී වැඩ පිළිවෙලවල් සම්බන්ධයෙන් මෙම නව නීතිය අදාළ වනු ඇත.

ඔස්ට්‍රේලියාව වැනි බහු ජාතීන් වෙසෙන රටක ඒ සියලු ජාතීන්ගේ මෙන්ම සමස්ත ඔස්ට්‍රේලියාවේම ආරක්ෂාව රැකෙන අයුරින් මෙම නව නීතිය නිර්මාණය වී ඇති බව ලිබරල් සන්ධාන රජයේ මන්ත්‍රී Andrew Hastie, A-B-C පුවත් සේවයට පැවසීය.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now