SKIP TO MAIN CONTENT

ඔස්ට්‍රේලියාවේ රක්ෂණ ක්ෂේත්‍රයේ ප්‍රධානියෝ අද රාජකීය බැංකු කොමිසම ඉදිරියට.

Kenneth Hayne
Source: AAP

1 min read

Published

By Madhura Seneviratne

Source: SBS News


Skip to article content

ඔස්ට්‍රේලියාවේ රක්ෂණ ක්ෂේත්‍රයේ ප්‍රධානියෝ රාජකීය බැංකු කොමිසම ඉදිරියේ අද (21/09) ප්‍රශ්න කිරීම් වලට ලක්වීමට නියමිත බව වාර්තා වේ.

රක්ෂණ ක්ෂේත්‍රයේ සිදුවන මෙහෙයුම් කටයුතු සම්බන්ධයෙන් පැනනැගී ඇති අර්බුද සහ අකටයුතුකම් පිළිබඳ මෙහිදී ප්‍රශ්න කිරීමට නියමිත බව සඳහන්.

මේ අනුව සාමාන්‍ය රක්ෂණ පිළිබඳ ඔස්ට්‍රේලියාවේ රක්ෂණ සභාවේ ප්‍රධාන විධායක Rob Whelan ගෙන් මෙන්ම ජීවිත රක්ෂණ ක්ෂේත්‍රය පිළිබඳ මුල්‍ය සේවා සභාවේ ප්‍රධාන විධායිකා Sally Loane ගෙන් අද දිනයේදී ප්‍රශ්න කිරීමට නියමිතය.

නීතියේ ඇති සිදුරු හේතුවෙන් රක්ෂණ ක්ෂේත්‍රයේ විවිධ අක්‍රමිකතා සහ ගැටළු පැන නැගී ඇති බව පාරිභෝගික කණ්ඩායම් චෝදනා කරයි.

එමෙන්ම රක්ෂණ වන්දි ලබා දීමේ ක්‍රියාවලීන්ට මැදිහත්වීම සඳහා ඔස්ට්‍රේලියානු ආරක්ෂණ සහ ආයෝජන කොමිසමට බලය නැති බවටද ඔවුන් විශ්වාස කරයි.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now