SKIP TO MAIN CONTENT

එක්සත් ජාතික පක්ෂයේ ලොකු පුටු වලට අලුත් නම්.

Politics of Sri Lanka
Source: UNP

1 min read

Published

By Madhura Seneviratne


Skip to article content

එක්සත් ජාතික පක්ෂයේ නව සභාපතිවරයා ලෙස අමාත්‍ය කබීර් හෂීම් මහතාද මහලේකම්වරයා ලෙස අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාද එක්සත් ජාතික පක්ෂයේ දේශපාලන උපදේශන මණ්ඩලය විසින් ඊයේ පත් කර ගත් බව වාර්තා වේ.

එක්සත් ජාතික පක්ෂයේ ජාතික සංවිධායක ධුරය සඳහා අමාත්‍ය නවීන් දිසානායක මහතා පත් කරගත් අතර මහා භාණ්ඩාගාරික ලෙස රාජ්‍ය අමාත්‍ය  හර්ෂ ද සිල්වා මහතා තේරී පත් විය.

එක්සත් ජාතික පක්ෂ දේශපාලන උපදේශන මණ්ඩලයේ වැඩි කැමැත්ත මත මෙම තෝරාගැනීම් සිදු කෙරුණු බවද සඳහන්.

එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක ලෙස අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාද උප නායක ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රි රවි කරුණානායක මහතාද පත් කර තිබේ.

මෙම තනතුරු වලට යෝජිත නම් එක්සත් ජාතික පක්ෂයේ අද පැවැත්වෙන කෘත්‍යාධිකාරි මණ්ඩලයට ඉදිරිපත් කර අනුමැතිය ලබා ගැනිමට නියමිත බවත්

සෙසු නිලතල වලට අද (26/04) පැවැත්වෙන පක්ෂයේ කෘත්‍යාධිකාරි මණ්ඩලයේදි තෝරා පත් කර ගැනීම් සිදු කරන බවත් වැඩි දුරටත් වාර්තා වේ.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now