SKIP TO MAIN CONTENT

"ඕස්ට්‍රේලියාවට ගැලපෙන සංක්‍රමණිකයින් ගෙන්වා ගැනීමට නව සංක්‍රමණ ප්‍රතිපත්තියක් අවශ්‍යයි" - ඕස්ට්‍රේලියානු මුල්‍ය කටයුතු ඇමැති

Mathias Corman
Finance Minister Mathias Cormann at Parliament House in Canberra. Source: AAP/Lukas Coch

1 min read

Published

By Sanjaya Dissanayake


Skip to article content

ඕස්ට්‍රේලියාවට ගැලපෙන සංක්‍රමණිකයින් (right people) මෙරටට ගෙන්වා ගැනීම සදහා නව සංක්‍රමණ ප්‍රතිපත්තියක් සකස් කිරීමට ඕස්ට්‍රේලියාව කටයුතු කල යුතු බව මුල්‍ය කටයුතු අමාත්‍ය Mathias Cormann  පවසයි.  ඕස්ට්‍රේලියාව බෙදුණු බහු සංස්කෘතික සමාජයක් කරා ගමන් කරමින් තිබු බව එංගලන්තයේ පැවැත්වෙන සමුළුවකදී ඕස්ට්‍රේලියානු බහුසංස්කෘතික සහ පුරවැසි භාවය පිළිබද අමාත්‍ය Alan Tudge පසුගියදා ප්‍රකාශ කර තිබිණි.  ඕස්ට්‍රේලියානු ස්ථිර පදිංචිය ලබාදීමේදී සමාජය තුල ඒකාබද්ධ තාවය ඇති කිරීමට "values" test එසේත් නැත්නම් සමාජ වටිනාකම් පිළිබද පරීක්ෂණයක් පැවැත්විය යුතු බවද ඔහු මෙහිදී සදහන් කර තිබිණි.

කෙසේ වෙතත් මෙලෙස නව සංක්‍රමණ ප්‍රතිපත්තියක් අවශ්‍ය වන්නේ නැති බව කම්කරු පක්ෂයේ මතය වී තිබුනත් මුල්‍ය කටයුතු අමාත්‍ය Mathias Cormann  මහතා පවසන්නේ අදාල ප්‍රතිපත්තීන් නිරන්තරයෙන් අදාල කාලයට ගැලපෙනවාද යන්න සොයා බැලීම වැදගත් බවයි.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now