SKIP TO MAIN CONTENT

බැදුම්කර වංචාවේ ඇලෝසියස් සහ පලිසේනට ඇප ලබාදීමේ තීරණය ඔක්තෝම්බර් මාසයේදී

Arjun Aloysius, Kasun Palisena
Source: adaderana.lk

1 min read

Published

Updated

By Sanjaya Dissanayake


Skip to article content

බැදුම්කර වංචාව සම්බන්දයෙන් රිමාන්ඩ් භාරයට පත්ව සිටින පර්පෙචුවෙල් ටේ‍රෂරීස් සමාගමේ හිමිකරු වන අර්ජුන් ඇලෝසියස් හා එම සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී කසුන් පලිසේන යන දෙදෙනා වෙනුවෙන් කර ඇති ඇප ඉල්ලීමේ අභියාචනා පෙත්සම සම්බන්ධයෙන් තීන්දුව ලබන ඔක්තෝම්බර් 11 වැනිදා නිකුත් කිරීමට අභියාචනාධිකරණය  නියම කර තිබේ .

ඇප පිට මුදාහරින ලෙස ඉල්ලා ඔවුන් දෙදෙනා ගොනු කළ පෙත්සම් අභියාචනාධිකරණය හමුවේ විභාගවූ අතර ඒ දෙදෙනා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ගාමිණී මාරපන මහතා යළි කරුණු දැක්‌වීමෙන් අනතුරුව පෙත්සම් විභාගය ඊයේ (ජුලි 18 දා) අවසන් විය.

ඕනෑම කොන්දේසියකට යටත් කර තමන් ඇප පිට මුදා හරින්නැයි ඔවුන් දෙදෙනා නීතිඥවරුන් මගින් මුලින් කළ ඉල්ලීම කොටුව මහෙස්‌ත්‍රාත් අධිකරණය ප්‍රතික්‌ෂේප කළේය.

....දිවයින සහ ලක්බිම පුවත්පත් වාර්තා ඇසුරිනි....


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now