SKIP TO MAIN CONTENT

ඔස්ට්‍රේලියාවේ NT සහ ACT ටෙරටරි තුළ ස්ව කැමැත්තෙන් මරණය ලඟා කරගැනීම නීතිගත කිරීමට පනත් කෙටුම්පතක්.

euthanasia
euthanasia tools Source: Getty Images

1 min read

Published

Updated

By Madhura Seneviratne

Source: SBS News


Skip to article content

Northern Territory සහ Australian Capital Territory තුළ Euthanasia හෙවත් අනායාස මරණය නීතිගත කිරීම සඳහා වූ පනත් කෙටුම්පත පිළිබඳ පාර්ලිමේන්තු විවාදය පැවැත්වීමට ඔස්ට්‍රේලියානු මධ්‍යම පාර්ලිමේන්තුව සූදානම් වේ.

1997 වසරේදී සම්මත කෙරුණු පනතකින් ඔස්ට්‍රේලියාවේ ටෙරිටරි වල අනායාස මරණය සිදු කිරීමට සහය දැක්වීම නීතියෙන් තහනම් කෙරුණි.

නමුත් සෙනට් සභික ඩේවිඩ් ලියොන්හැම් ගේ පුද්ගලික මන්ත්‍රී යෝජනාවක් මගින් එම තහනම අහෝසි කරන ලෙස ඉල්ලා තිබේ.

මේ අතර වික්ටෝරියානු ප්‍රාන්තය තුළ අනායාස මරණය නීතිගත කිරීම සඳහා වූ ආන්දෝලන්ත්මක පනත් කෙටුම්පත පසුගිය නොවැම්බර් මාසයේදී  සම්මත විය.

වික්ටෝරියා ප්‍රාන්තයේ සුව නොවන රෝග වැළදුණු, මාස 12 කට අඩු කාලයක් ජීවත්වීමට ඉඩ ඇති පුද්ගලයන්ට ස්වේච්චාවෙන් මරණය සදහා සහය දීම අනුමත කිරීම මෙම පනතෙන් බලාත්මක කෙරේ.

කෙසේවෙතත්, මෙම පනත ඔස්ට්‍රේලියානු මධ්‍යම පාර්ලිමේන්තුව තුළ සම්මත වුවහොත් භයානක ප්‍රතිඵල අත්විඳීමට සිදුවන බවත් දේපළ සහ අනෙකුත් වස්තුන් කෙරෙහි ගිජුවූ නෑදැයින් තවත් කලක් ජීවත් වීමට ඉඩ ඇති වැඩිහිටියන්ගේ ජීවිත මේ නිසා කලින්ම උදුරාගැනීමට ඉඩ ඇති බවත් ක්වීන්ස්ල්නත සෙනට් සභික Fraser Anning පැවසුවේය.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now