SKIP TO MAIN CONTENT

ස්ව කැමැත්තෙන් මියයෑම සඳහා නීති විරෝධී ඖෂධ ගෙන් වූ බවට සැක පිට ඕස්ට්‍රේලියාවේ වැඩිහිටි පිරිසක් පොලිස් වැටලීමට ලක්වූවෙයි (SBS සිංහල /වාර්තා )

dr
Source: AAP

2 min read

Published

Updated

By Charitha Adikari

Source: SBS


Skip to article content

අනායාස  මරණය සදහා නීති විරෝධී ඖෂධ ගෙන් වූ බවට සැක පිට ඕස්ට්‍රේලියාවේ වැඩිහිටි පිරිසක් වෙසෙන නිවෙස් පොලීසිය විසින් වටලා ඇති බවට right-to-die ක්‍රියාකාරී Philip Nitschke පවසයි. ඕස්ට්‍රේලියාවේ Dr Death යනුවෙන් හඳුන්වන Nitschke මහතා පවසන්නේ ඔහුගේ අනායාස මරණය පිළිබද වූ කණ්ඩායමේ අට දෙනෙකු පසුගිය සති දෙක ඇතුලත් පොලිස් පරීක්ෂාවට ලක්ව ඇති බවයි මෙසේ පොලීසිය සතුව මේ හා සම්බන්ධ බවට සැක පිට 100 දෙනෙකු පමන පරීක්ෂාවට ලක් කිරීමට සැරසෙන බවටද සදහන්.

Nitschke මහතා පවසන්නේ එවන් ඖෂධ ගෙන් වීම නීති විරෝධී වුවත් මෙවන් පොලිස් ක්‍රියා කනගාටුදායක බවයි. ඔහු පවසන්නේ මෙවන් ඖශධ ගෙන්වන පුද්ගලයින් සැබවින්ම ජීවිතය අවසාන කර ගැනීමේ තීරණ ගැන පසුතැවිලි නොවී වැඩි කලක් ජීවත් වන බවයි. ප්‍රතිපත්තිමය වශයෙන් මෙම ඖශධ රාජසන්තක කර ගැනීමට තත් කිරීමෙන් එම පුද්ගලයින් අතර චකිතය හා ආතතිය ඇති වන බවත් ඔහු පවසනවා.

එසේම පොලීසිය මෙම පුද්ගලයන්ට පවසා ඇත්තේ මෙම විමර්ශන Interpol, ඕස්ට්‍රේලියානු ෆෙඩරල් පොලීසිය හා ඇමෙරිකානු ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව මගින් ලැබුණු තොරතුරු මත ක්‍රියා කරන බවයි. එසේ පොලීසිය email ගනුදෙනු මගින් මෙම ඖශධ ඇති බවට දැනගෙන ඒවා භාර දෙන ලෙස එම වැඩිහිටියන්ට පවසන බවත් Nitschke මහතා පවසනවා. එසේම එම පුද්ගලයන්ගේ ජීවිතය අවසන් කිරීමේ අදිටනක් නැති බව සොයා බැලීමට පොලීසිය පැමිණෙන බවට එම වැඩිහිටියන්ට පොලීසිය පවසන බවත් ඔහු පවසා තිබේ.

AAP ආයතනය මේ සම්බන්ධයෙන් ඕස්ට්‍රේලියානු ෆෙඩරල් පොලීසිය, NSW හා වික්ටෝරියා පොලීසියේ ප්‍රතිචාරය අපේක්ෂාවෙන් සිටී

carr
Source: SBS


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now