SKIP TO MAIN CONTENT

ලසිත් මාලිංග තම අවසන් ලෝක කුසලානය ගැන ඉඟි පළ කරයි.

Lasith Malinga rouses himself for final World Cup push
Source: espncricinfo

1 min read

Published

By Madhura Seneviratne


Skip to article content

තමන්ට අවස්ථාව හිමි වුවහොත් 2019 වසරේදී පැවැත්වෙන එක්දින ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියට සහභාගි වීමට බලාපොරොත්තුවෙන් සිටින බව ශ්‍රී ලංකාවේ සුපිරි  වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග පවසයි.

පසුගිය සෙනසුරාදා එංගලන්ත කණ්ඩායමට එරෙහිව රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී පැවැති දෙවැනි එක් දින තරගයේදී ලකුණු 44 කට කඩුලු 5 ක් දවාගනිමින් ලසිත් මාලිංග එක් දින තරග දිවියේ කඩුලු 500 සීමාව ඉක්මවා ගියේය.

තම ක්‍රීඩා දිවිය තුළ විවිධ තේරීම් කමිටු හමුවේ තමා ක්‍රීඩා කර ඇති බවත් අවස්තාව ලැබුණහොත් 2019 වසරේදී පැවැත්වෙන එක්දින ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියට සහභාගි වීමට බලාපොරොත්තු වන බවත් එය තමාගේ අවසන් ලෝක කුසලානය වනු ඇති බවත් මාලිංග මාධ්‍ය හමුවේ පැවසුවේය.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now