තමන්ට අවස්ථාව හිමි වුවහොත් 2019 වසරේදී පැවැත්වෙන එක්දින ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියට සහභාගි වීමට බලාපොරොත්තුවෙන් සිටින බව ශ්‍රී ලංකාවේ සුපිරි වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග පවසයි.
පසුගිය සෙනසුරාදා එංගලන්ත කණ්ඩායමට එරෙහිව රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී පැවැති දෙවැනි එක් දින තරගයේදී ලකුණු 44 කට කඩුලු 5 ක් දවාගනිමින් ලසිත් මාලිංග එක් දින තරග දිවියේ කඩුලු 500 සීමාව ඉක්මවා ගියේය.
තම ක්‍රීඩා දිවිය තුළ විවිධ තේරීම් කමිටු හමුවේ තමා ක්‍රීඩා කර ඇති බවත් අවස්තාව ලැබුණහොත් 2019 වසරේදී පැවැත්වෙන එක්දින ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියට සහභාගි වීමට බලාපොරොත්තු වන බවත් එය තමාගේ අවසන් ලෝක කුසලානය වනු ඇති බවත් මාලිංග මාධ්‍ය හමුවේ පැවසුවේය.