SKIP TO MAIN CONTENT

ආසියානු වාර්තාවක් තැබීමට හැකි ශ්‍රී ලංකා - දකුණු අප්‍රිකා දෙවැනි ටෙස්ට් තරගය අදයි.

Sri Lanka tour of South Africa
Source: AFP

1 min read

Published

By Madhura Seneviratne


Skip to article content

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ දකුණු අප්‍රිකාව අතර පැවැත්වෙන දෙවැනි සහ අවසන් ටෙස්ට් තරගය ඔස්ට්‍රේලියානු නැගෙනහිර සම්මත වේලාවෙන් අද (21/02) රාත්‍රී 7 ට දකුණු අප්‍රිකාවේ Port Elizabeth හිදී ආරම්භ වේ.

පළමු ටෙස්ට් තරගය ජයගැනීමත් සමග ශ්‍රී ලංකාව මේ වනවිට 1-0 ක් ලෙස තරගවලියේ ඉදිරියෙන් සිටියි.

ශ්‍රී ලංකාවට මෙම තරගාවලිය ජයගත හැකිවුවහොත් එය දකුණු අප්‍රිකාවේදී ආසියානු කණ්ඩායමක් විසින් ටෙස්ට් තරගාවලික් ජයගන්නා පළමු අවස්ථාව වනු ඇත.

මේ අතර ශ්‍රී ලංකා පිළේ පුහුණුවීම් අතරතුරේදී ඇතිවූ ආබාධයක් හේතුවෙන් කුසල් මෙන්ඩිස් අද තරගයට සහභාගී වීම අවිනිශ්චිත බව වාර්තා වේ.

යම් හෙයකින් කුසල් මෙන්ඩිස් අද තරගයට සහභාගී නොවුණහොත් ඔහු වෙනුවට යොවුන් ක්‍රීඩක ඇන්ජලෝ පෙරේරා කණ්ඩායමට කැඳවීමට වැඩි ඉඩක් ඇති බවද සඳහන්.

එසේවුවහොත් ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් වරම් දිනා ගත් 151 වැනි ක්‍රිඩකයා ලෙස ඇන්ජලෝ පෙරේරා ඉතිහාස ගත වෙයි.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now