නිව් සවුත්වේල්ස් ප්‍රාන්ත දුම්රිය සේවකයින් සහ දුම්රිය පාලනාධිකාරිය අතර වැටුප් වැඩිවීම් සම්බන්ද සාකච්චා අද දිනයේදීත් තවදුරටත් පැවැත්වෙන බව වාර්තාවේ. වැටුප් වැඩිවීම් සම්බන්ද කාරණයක් මුල්කොටගෙන මෙම අර්බුදය ඇතිවී තිබේ. දුම්රිය වෘතීය සංගම් 6% ක වැටුප් වර්ධකයක් ඉල්ලා සිටින අතර නිව් සවුත්වේල්ස් ප්‍රාන්ත රජය පවසනුයේ ලබාදිය හැකි උපරිම වැටුප් වැඩිවීම 2.5% ක් බවයි.
අද දිනයේදීත් (ජන 23) පැවැත්වෙන සාකච්චා අසාර්ථක වුවහොත් ලබන සඳුදා (ජන 29) පැය 24 ක දුම්රිය සේවා වර්ජනයක නිරත වීමට සුදානම් බව දුම්රිය වෘතීය සංගම් පවසයි. එයට 9,000 ක පමණ සේවක පිරිසක් සහභාගිවීමට නියමිත බවද සඳහන්.

