SKIP TO MAIN CONTENT

පැය විසි හතරේ වර්ජනය අවලංගුයි. සිඩ්නි දුම්රිය ගමන් යළි ඇරඹේ.

Sydney Train Strike
Source: AAP

1 min read

Published

By Madhura Seneviratne

Source: SBS News



Skip to article content

සිඩ්නි නුවර දුම්රිය සේවකයින් අද (29/01) දිනයේ ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබු පැය 24 වැඩ වර්ජනය අවලංගු කර ඇති බව වාර්තා වේ.

ඒ අනුව අද දිනය තුල සිඩ්නි දුම්රිය සේවාවන් බාධාවකින් තොරව ක්‍රියාත්මක වනු ඇති බවට තමන් අපේක්ෂා කරන බව නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත ප්‍රවාහන කටයුතු අමාත්‍ය Andrew Constance පවසයි.

පසුගිය සති අන්තය තුල සිඩ්නි නුවර දුම්රිය සේවා සීමිත ලෙස ධාවනය කිරීමට වෘත්තීය සමිති කීපයක් එක්ව තීරණයක් ගෙන තිබුණු අතර, පසුව එම තීරණය අවලංගු කරන ලෙස Fair Work කොමිසම ලබාදුන් නියෝගයත් සමගින් වෘත්තීය ක්‍රියා මාර්ගය අවලංගු කිරීමට අදාල වෘත්තීය සමිති තීරණය කර තිබේ.

තමන් වෘත්තීය සමිති නියෝජිතයින් සමග අදාල වැටුප් අර්බුදය පිළිබඳ සාකච්චා කරන බවත්, ඉතා ඉක්මනින් ඒ පිළිබඳ විසදුමකට ලගා  වීමට හැකි වනු ඇතැයි  තමන් විශ්වාශ කරන බවත් නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත ප්‍රවාහන කටයුතු අමාත්‍ය Andrew Constance වැඩි දුරටත් පැවසීය.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now