SKIP TO MAIN CONTENT

ත්‍රස්ත ක්‍රියා සජීවීව විකාශනය කරන සමාජ මාධ්‍ය ආයතනවලට වැඩ වරදියි.

new penalties for social media companies that broadcast terrorism attacks.
Source: Flickr

1 min read

Published

By Dinesha Dilrukshi Wijesuriya

Source: SBS News


Skip to article content

ත්‍රස්ත ක්‍රියා සජීවීව විකාශනය කරන සමාජ මාධ්‍ය ආයතනවලට වලට එරෙහිව දඬුවම් පැමිණවීමේ ක්‍රියාමාර්ග ගැනීමට ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය සුදානම් වෙයි.

ඒ අනුව ත්‍රස්ත ක්‍රියා ටම සමාජ ජාල මාධ්‍ය තුලින් විකාශනය වුවහොත් එසැනින් එය ඉවත්කරලීමට පියවර නොගන්නා සමාජ මාධ්‍ය ආයතනවල විධායක නිලධාරීනට සිරදඬුවම් පැමිණිය හැකිවන අයුරින් ඕස්ට්‍රේලියාවේ සමාජ මාධ්‍ය සඳහා ඇති නීති සංශෝධනය කරලීමට රජය බලාපොරොත්තු වේ.

පසුගිය දා නවසීලන්තයේ ක්‍රයිස්චර්ච් හිදී මුස්ලිම් පල්ලි දෙකකට සිදුකල ත්‍රස්ත ප්‍රහාරය Facebook සමාජ මාධ්‍ය ඔස්සේ සජිවව විකාශනය කරලීමේ  සිදුවීමෙන් අනතුරුව ඕස්ට්‍රේලියානු මධ්‍යම රජයේ අවධානය මෙයට යොමුවිය.

මේ පිළිබඳව අදහස් දක්වා සිටි ඕස්ට්‍රේලියානු නීති කවුන්සිලයේ ආතර් මෝසෙස් පවසා සිටියේ මෙම නව නීති ඇතුලත් කෙටුම්පත පාර්ලිමේන්තු කමිටුවේ විමර්ශනය සඳහා මේවන විට යොමුකොට ඇති බවයි.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now