SKIP TO MAIN CONTENT

නිදහස් සැමරුමේ ලැප්ටොප් නැටුම ඉවතට.

laptop dance scrapped
Source: Daily News

1 min read

Published

By Madhura Seneviratne


Skip to article content

හෙට (04/02) දිනයේදී පැවැත්වෙන ශ්‍රී ලංකාවේ 70 වැනි ජාතික නිදහස් දින සැමරුම් උළෙලේ ලැප්ටොප් නර්තනය ඉවත් කිරීමට උපදෙස් දුන් බව අධ්‍යාපන ලේකම් සුනිල් හෙට්ටිආරච්චි මහතා පැවසීය.

වයඹ විද්‍යාපීඨයේ ගුරුවරුන් ලැප්ටොප් අතැතිව නර්ථනාගංගයකට පුහුණුවෙමින් සිටි අතර එම ඡායාරූප සමාජ මාධ්‍ය ජාල ඔස්සේ සංසරණය වීමත් සමග එයටදැඩි  විවේචන එල්ල වන්නට විය.

දුරේක්ෂ සහ ලැප්ටොප් පරිගණක අතැතිව කරන මෙම නර්ථනය හාස්‍ය ගෙන දෙන කරුණක් බවත් කවුරුන් විසින් මෙවනි වූ නර්තනාංග ජාතික නිදහස් දින සැමරුම වැනි උත්සවයක් සඳහා අනුමත කර ඇතිදැයි යන්න බහුතරයක් දෙනා ප්‍රශ්න කරන්නට විය.

කෙසේවෙතත්, දීර්ඝ කාලයක පටන් පුහුණුවෙමින් සිටි නිසා අවසාන මොහොතේ නර්ථනය ඉවත් කිරීම ගැටළු සහගත බැවින් ලැප්ටොප් වෙනුවට ලෝක ගෝල අනුරුවක් අතැතිව නර්ථනය කිරීමට සැලසුම් කළත් ලෝක ගෝලයද නැටුමෙන් ඉවත් කිරීමට අවසානයේ බලධාරීන් තීරණය කර තිබේ.

මෙම නර්ථනය වෙනුවෙන් එම පිරිසම යොදාගෙන වෙනත් නර්ථනයක් සිදු කරනු ඇති බවත්, ඒ සියල්ල අධීක්ෂණය කරන්නේ ස්වදේශ කටයුතු අමාත්‍යංශයෙන් බවත් අධ්‍යාපන අමාත්‍යංශය පවසයි.

Daily Mirror ඇසුරෙනි.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now