Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE

ජාතිවාදී අරගල සම්බන්ධ නීතිරීති ගැසට් කිරීමට ජනපති සැරසෙයි.

SL President will go to introduce legislation to racial conflicts.

Source: Daily News

හදිසි අවස්ථාව ප්‍රකාශයට පත් කළ සතියක කාලය තුළදී ජාතිවාදී අරගල හා  සම්බන්ධ නීතිරීති ගැසට් කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අපේක්ෂා කරන බව අමාත්‍ය එස්.බී.දිසානායක මහතා පැවසීය.

මේ වන විට ප්‍රකාශයට පත් කර ඇති හදිසි නීතිය අවශ්‍යනම් තව දුරටත් දීර්ඝ කිරීම ජනාධිපතිවරයා  විසින් කරනු ඇතැයි ජනාධිපති ලේකම් කාර්යාලයේදි ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැති අමාත්‍ය මණ්ඩල සාකච්ඡාවෙන් අනතුරුව පැවති මාධ්‍ය හමුවේදී  අමාත්‍යවරයා මේ බව කීවේය.

නීතිය හා ආරක්ෂාව නිසි ලෙස ක්‍රියාත්මක නොවුණු බවට යම් චෝදනාවක් එල්ල වන බව මෙහිදී ප්‍රකාශ කළ ඒ මහතා එනමුත් මේවන විට ප්‍රමාණවත්ව පොලීසිය, හමුදාව ඇතුලු ආරක්ෂක අංශ යොදවා ඇතැයි පැවසීය.

රට තුළ ජාතිවාදී, ග්‍රෝත්‍රිකවාදී අරගලයක් දියත් වෙමින් පවතින බව දැකිය හැකි නමුත් "අමු බේබද්දන්" තිදෙනෙකු සිදුකළ අමානුෂීය ක්‍රියාවක් පදනම් කර ගනිමින් ජාතිවාදී ආගම්වාදී ගැටුම් ඇති කර නොගන්නා ලෙස සමස්ථ ජනතාවගෙන් ඉල්ලා සිටින බව අමාත්‍ය එස්.බී.දිසානායක මහතා ප්‍රකාශ කළේය.


1 min read

Published

Updated

By Nadeeka Daya Bandara - Sri Lanka


Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now