SKIP TO MAIN CONTENT

ශ්‍රී ලංකා - ඇමෙරිකානු වෛද්‍ය කණ්ඩායමක් රොබෝ යන්ත්‍රයකින් පළමු වරට පිත්තාශයක් ඉවත් කරයි.

First Robot-Assisted Surgery Onboard USNS Mercy
Source: SBS Sinhala

1 min read

Published

By Nadeeka Daya Bandara - Sri Lanka


Skip to article content

නෞකාවක සිට රොබෝ යන්ත්‍රයක් ආධාරයෙන්  පිත්තාශය ඉවත්කිරිමේ සැත්කමක් සාර්ථකව සිදුකිරීමට ශ්‍රී ලංකා හා ඇමරිකා එක්සත් ජනපද වෛද්‍ය කණ්ඩායමක් සමත්වී තිබේ.

මිනිස් සිරුරේ පිත්තාශය ඉවත්කිරිමේ සැත්කමක් රොබෝ යන්ත්‍රයක උපකාරයෙන්  නැවක සිට සාර්ථකව සිදුකළ පළමු අවස්ථාව මෙය වේ.

ත්‍රීකුණාමලය වරායේ නවතා ඇති යූ.එස්.එන්.එස්.මර්සි නෞකාව (USNS Mercy ) තුළ දී මෙම සැත්කම සිදුකර තිබේ.

First Robot-Assisted Surgery Onboard USNS Mercy
Source: SBS Sinhala

ඇමරිකානු වෛද්‍යවරුන් හා මෙරට වෛද්‍යවරුන් එක්ව නෞකාව තුළ ස්ථාපිත ඩාවින්සි එක්ස් අයි රොබෝ ශෛල්‍ය පද්ධතිය (Da Vinci XI Robot Surgical System) උපයෝගී කර ගනිමින් මෙම සැත්කම සිදුකර ඇත.

සැත්කමින් පසු රෝගියා නැවේ පශ්චාත් නිර්වින්දන ඒකකයට ඇතුළත් කොට පසුව රෝහලක සාමාන්‍ය පරිදි ප්‍රතිකාර කටයුතු ලබා දෙමින් පවතී.

නැවක සිට කරන ලද සැත්කම මගින් තමන් අත්දැකීම් රැසක් ලබා ගත් බවත් නැවක සිටියත් සාමාන්‍ය ශල්‍යාගාරයක සිට කටයුතු කරනවා යැයි හැගීමක් තමන්ට ඇතිවුණු බවත් මූතූර් මූලික රෝහලේ ශෛල්‍ය වෛද්‍ය වයිරමුත්තු වරනීතරන් මහතා පවසයි.

සහයෝගය, කුසලතාව සහ තාක්ෂණය එක්වූ විට පවතින තත්ත්වය ඉක්මවා යමින් අරමුණ කරා ළගා විය හැකි වෛද්‍ය නිපුණත්වයක් පවතින බව මෙම සැත්කම මගින් මනාව පැහැදිලි වුණූ බව ශ්‍රී ලංකා හා මාලදිවයිනේ ඇමරිකානු එක්සත් ජනපද තානාපති අතුල් කේෂප් මහතා සදහන් කළේය.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now